මරණ දැන්වීම්

 

 

කේ. පර්සි ඔලිවර් පෙරේරා මහතා - අළුබෝමුල්ලේ ‘තුසිත’ නිවසෙහි විසූ කේ. ජෝර්ජ් පෙරේරා මුදලාලි මහතාගේ සහ ඩී. සෝමවතී විජේසූරිය වන අයගේ දයාබර පුතණුවන් වූද, නැසීගිය ධනසිරි පෙරේරා වන අයගේ සොහොයුරා වූද, ශි‍්‍රයාලතා, පද්මිණි, චන්ද්‍රවංශ සහ මාලිනීගේ දයාබර සොහොයුරා වුද, කේ.පී. ඔලිවර් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 5 වන බදාදා සවස ගොරකාන ආදාහනාගාරයේදී සිදු කෙරෙන බව ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. ශාන්ති මාවත, ඉඹුල්ඉහ, අළුබෝමුල්ල, පානදුර.

පැට්‍රික් රුද්‍රිගු - රීටා රුද්‍රිගුගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, මෙරිල් (ව්‍යාපාරික) ජූඩ් රෝයි (ටොරොන්ටො අධිපති) ධම්මික (එංගලන්තය) නාමල් (ව්‍යාපාරික) ෂෙල්ටන් (ව්‍යාපාරික) චම්පිකා (ටොරොන්ටෝ අධ්‍යක්‍ෂිකා) දිල්රෝශිකා යන අයගේ ආදරණීය පියාණන් වූද, කඩවත සත්සිරි වෙළඳසැල අධිපති පැට්ට්‍රික් රුද්‍රිගු මැතිතුමා 2011.01.03 ස්වර්ගස්ථ වූයෙන් ආදාහන කටයුතු 2011.01.06 දින කඩවත රෝ.ක. සුසාන භූමියේදී සිදු කරන බව සියළු ඥාති මිත්‍රාදීන් වෙත ඉතා සංවේගයෙන් දැනුම් දෙමු. මෙයට ශෝකයට පත් භාර්යාව ඇතුළු දූ දරු පිරිස.

මහාචාර්ය සරත් රංජිත් සිරිමාන්න - නැසීගිය චාර්ලිස් සිරිමාන්න සහ එම මහත්මියගේ දෙටුපුත් වූද සුමිත්‍රා ඔබේසේකර සහ නැසීගිය ඩබ්ලිව්.ටී. ඔබේසේකර යුවලගේ බෑණනුවන් වූද, රංජනමාලාගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තිශාරි සහ ශාරතීගේ ආදරණීය පියාණන් වුද, චන්ද්‍රා අයිරාංගනී මාලනී ඉන්ද්‍රා පුෂ්පා රත්නා කමල් සහ පි‍්‍රයංකාගේ ආදරණීය සොහොයුරා වූද, කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සරත් රංජිත් සිරිමාන්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2011 ජනවාරි 05 වැනි බදාදා සවස 4.00 ට කඩවත ඇල්දෙණිය ආදාහනාගාරයේදී පැවැත්වේ.

විමලා විද්‍යාලංකාර වාදසිංහ - නැසීගිය එල්.ජී.එම්. වාදසිංහ මහතාගේ භාර්යාව වූද, ර ම්‍යාගේ දයාබර මෑණියන් වුද, කරුණාසේනගේ නැන්දණිය වූද, දයන්ත සහ කල්හාරි යන අයගේ මිත්තණිය වුද, කොට්ටාව බංගලාවත්තේ පදිංචිව සිටි විමලා විද්‍යාලංකාර වාදසිංහ මාතාව අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසාන කටයුතු ජනවාරි මස 05 වන බදාදා සවස තුනට කොට්ටාව ආදාහනාගාරයේදී සිදු කෙරේ. අවමංගල්‍ය පෙරහැර සවස තුනට නිවසින් පිටත් වේ. සියලු ඥාති මිත්‍රාදීන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා