මනමේන්ද්‍ර මුදා හරී

මනමේන්ද්‍ර මුදා හරී

පොලිස් අත්අඩංගුවට පත්ව සිටි නව සිහළ උරුම පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ඊයේ (03) පෙරවරුවේ මුදා හැර තිබේ.

සැකකරුට විරුද්ධව ලැබීතිබූ පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගත් බවද පසුව සිදුකළ පරීක්ෂණ අනුව මනමේන්ද්‍ර මහතා වැරදිකරුවකු නොවන බව හෙළිවීමෙන් පසු මුදා හැරීමට පියවර ගත් බවද පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථ රියැදුරකු විසින් මොහුට විරුද්ධව පැමිණිල්ලක් කර තිබෙන අතර එම තැනැත්තාට විරුද්ධව මනමේන්ද්‍ර මහතා ද පොලිසියට පැමිණිලි කර තිබේ.

එම පැමිණිලි වලට අනුව ත්‍රිරෝද රථයත් එහි රියැදුරු සමග පැහැරගෙන යාමට උත්සාහ කළ බවටත් පහරදීමේ සිද්ධියක් පිළිබඳවත් පොලිසියට තොරතුරු ලැබී තිබිණි. හරිහැටි කරුණු සොයා නොබලා ක්‍රියා කිරීම මත පැමිණිලි දෙක ඉදිරිපත් කර තිබෙන බවට කරුණු හෙළිව තිබෙන අතර පසුව ත්‍රිරෝද රථ රියදුරා හා මනමේන්ද්‍ර මහතා සමථයකට පත්වූ බව පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා