මරණ දැන්වීම්



 

අපවත්වීම්

අතිගරු දොඩන්දූවේ සිරි පඤ්ඤානන්ද නාහිමි - හැටන් පතන සිරි ඉසිපතනාරාමාධිපති අතිගරු දොඩන්දූවේ සිරි පඤ්ඤානන්ද ලොකු ස්වාමීන් වහන්සේ අවුරුදු 90 ක් ආයු ශ්‍රී විඳ 2011-01-24 දින අපවත් වී වදාළ සේක. එම ශ්‍රී දේහය දොඩන්දුව මොරකොල සිරි ගංගාරාම මූල මහා විහාරස්ථානයේ දැනට තැන්පත් කර ඇති අතර 2011-01-26 බුධ දින දොඩන්දූව ප්‍රසිද්ධ ක්‍රීඩාංගනයේදී ප.ව. 4.00 ට ආදාහන කටයුතු සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙනු ලබන්නේ, ප්‍රධාන ශිෂ්‍ය, අසරණ සරණ සිරි පේමරතන කස්සප නාහිමි සහ ආදාහන කමිටුව. 024030

හාන්දුපැල්පල රතනසිරි නාහිමියෝ අපවත්වෙති. මීගොඩ - ඕවිටිගම - ගැහැණුගල පුරාණ විහාරය, කිරිගල්පොත්ත සන්තාරාමය, වටරැක - අඹගහවත්ත ඉන්‍ද්‍රාරාමය යන විහාරත්‍රයාධිපතිව වැඩවිසූ බස්නාහිර පළාතේ සමතබලසම්පන්න විශේෂ අධිකරණ ද්විතීය සංඝනායක ශාස්ත්‍රවේදී ගරු හාන්දුපැල්පල රතනසිරි නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. ආදාහන පූජෝත්සවය 2011 ජනවාරි මස 26 වන බදාදා සවස 3.00 ට මීගොඩ ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ. දැනුම් දෙනු ලබන්නේ ශිෂ්‍ය පිරිස හා දායක සභාව. 022917
 

මරණ දැන්වීම්

ආර්. එම්. පුංචි බණ්ඩා මහතා - පාදෙනිය ඇඹලේගොඩ පහළ වලව්වේ විසූ ආර්. එම්. පුංචිබණ්ඩා උපාසක මහතා 2011.01.24 දින අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2011.01.26 දින සවස 3.00 ට ඇඹලේගොඩදී සිදු කෙරේ. ශෝකයට පත් දූදරුපිරිස. 024224

ඥාණවතී රණසිංහ මිය (විශ්‍රාමලත් උප විදුහල්පතිනි - රත්නාවලී බාලිකා විද්‍යාලය - ගම්පහ), නැසීගිය ඩී.පී. සූරියප්පෙරුම මහතාගේ භාර්යාව වූද, කමල් ගේ මෑණියන් වූද චිත්‍රා (මහ රෝහල - ගම්පහ) ගේ නැන්දණිය වූද තරින්දි, පසිදු යන අයගේ ආච්චි අම්මා වූද ඥාණවතී රණසිංහ මහත්මිය පරලොව සැපත් වූවාය. ඒ පිළිබඳ අවසන් කටයුතු 26 වන බදාදා සවස 5.30 ට කසගහවත්ත සුසාන භූමියේදී සිදු කරන අතර එම ආගමික කටයුතු එදින සවස 3.00 ට නිවසේදී සිදු කෙරේ. නො. 34, පල්ලිය පාර, ගම්පහ. 023503

වී.ජී.ආර්.ජේ. විජේවතී ගම්ලත් මැතිනිය - නැසීගිය ව්‍යාපාරික ජී.ආර්.කේ. අප්පුහාමි ගම්ලත් මහතාගේ දයාබර භාර්යාව වූද, පද්මසිරි ගම්ලත් (ගම්ලත් ස්ටෝර්ස්) කරුණාරත්න (වාරිමාර්ග, ගාල්ල) නීතිඥ පද්මා ගම්ලත් (රත්නපුර), ඇග්නස්, චන්ද්‍රා (අවිස්සාවේල්ල රෝහල) සුනිල් (ව්‍යාපාරික කුරුවිට), සරත් (ව්‍යාපාරික කුරුවිට), උපාලි (වැවිලිකරු එරත්න) දයා ගම්ලත් (ව්‍යාපාරික, ඇඹිලිපිටිය), දීපිකා, කුමාරි (මලංගම), රංජිත් (ගම්ලත් හෝටලය, කුරුවිට) ගේ ආදරණීය මෑණියන් වූ ද විජේවතී ගම්ලත් මැතිනිය අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 2011 ජනවාරි මස 27 වැනි බ්‍රහස්පතින්දා සවස 2.00 ට කුරුවිට පැරඩයිස්, පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරේ. (ගම්ලත් නිවස, පැරඩයිස් කුරුවිට). 023975

සී. එන්. ගමගේ මහතා - අංක 610, ආරච්චි කන්ද, හපුගල, ගාල්ල නන්දා ගුණවර්ධන මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයාවූද, තිලක් (වෛද්‍ය සැපයුම් අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය), කපිල (ව්‍යාපාරික), සමන් (කොළඹ විශ්ව විද්‍යාලය), ප්‍රියංකා (සෞඛ්‍ය අමාත්‍යාංශය) යන අයගේ දයාබර පියාණන් වූද, උපුලී (කොළඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව), ජානකී (කරාපිටිය මහ රෝහල), සාමලී (මහජන බැංකුව - කොළඹ), චමින්ද (ව්‍යාපාරික) යන අයගේ දයාබර මාමණ්ඩිය වූද, විශ්‍රාමලත් මහාධිකරණ රෙජිස්ට්‍රාර් සී. එන්. ගමගේ මහතා අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු ජනවාරි 27 බ්‍රහස්පතින්දා ප. ව. 6.00 ට දඩල්ල පොදු සුසාන භුමියේදී (ආදාහනාගාරය) සිදු කෙරේ. ශෝකයට පත් බිරිඳ හා දූදරුවන්. 024238

ප්‍රසාද් ප්‍රනාන්දු මහතා - රේමන් ප්‍රනාන්දු සහ නැසීගිය ක්‍රිස්ටබල් ප්‍රනාන්දුගේ දයාබර පුතණුවන් වූද, රංගන ශිල්පිණී කුමාරි අත්තනායකගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, මල්ෂාන් ප්‍රනාන්දු (ශාන්ත පීතර විදුහල බම්බලපිටිය) ගේ දයාබර පියාණන් වූද, ප්‍රශාන්ති, ක්‍රිෂාන්ති, දිල්කා, ඉන්දිකගේ සොහොයුරා වූද, ප්‍රසාද් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 27 වැනි බ්‍රහස්පතින්දා සවස 4.30 ට මොරටුව ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරු සුසාන භූමියේදී සිදු කෙරේ. 83/11, ශාන්ත පීටර්ස් පාර, මොරටුවැල්ල, මොරටුව, ස්ථානයේ දේහය තැන්පත් කර ඇත.දේහය සවස 4.00 ට නිවසින් පිටවේ. 024289

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා