මොනරාගලට විදුලිය දෙන්න රුපියල් දස ලක්ෂ 1400ක්

මොනරාගලට විදුලිය දෙන්න රුපියල් දස ලක්ෂ 1400ක්

දැයට කිරුළ සංවර්ධන වැඩසටහනට සමගාමීව මොනරාගල දිස්ත්‍රික් ජනතාවට විදුලි බලය ලබා දීම සඳහා රජය රුපියල් දස ලක්ෂ 1400ක් වැය කරයි. මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 70,000කට වැඩි පිරිසකට දැයට කිරුළ සංවර්ධන වැඩසටහන මගින් සෘජුවම විදුලිය ලබා ගැනීමේ පහසුකම් සැලැසෙනු ඇත.

මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ කඩිනම් ව්‍යාපෘති සඳහා රුපියල් දස ලක්ෂ 344ක් සහ විදුලමු ශ්‍රී ලංකා මොනරාගල සඳහා රුපියල් දස ලක්ෂ 356ක්, තොලබෝවත්තේ සිට බුත්තල දක්වා අධි බල විදුලි මාර්ගය කිලෝමීටර් 34ක් සඳහා රුපියල් දස ලක්ෂ 155ක් දැයට කිරුළ මාර්ග සංවර්ධනය සමඟ විදුලිබලය සැපයුම් මාර්ග නඩත්තුව සඳහා රුපියල් දස ලක්ෂ 11ක්ද බුත්තල දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ විදුලි සැපැයුම් සඳහා රුපියල් දස ලක්ෂ 25ක් වශයෙන් වැය කිරීමට සැලැසුම් කර ඇත.

බුත්තල කතරගම මාර්ගය, බඩල්කුඹුර බුත්තල මාර්ගය, නත්තල මාර්ගය උඩවලව, තණමල්විල මාර්ගය, ඔක්කම්පිටිය බුත්තල මාර්ගය, දැනට පුළුල් කෙරෙන අතර මෙම මාර්ගවල පිහිටි විදුලි මාර්ගය ද පුළුල් කිරීම සිදු කෙරේ. දැනට විදුලි උපකරණ පොළවල් 53ක් සහ විදුලි දිගුª කිරීම් යෝජනා 168ක් මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙමින් පවතියි. ශ්‍රී ලංකා රජයේ මුදල් සහ ඌව පළාත් සභාව ලංකා විදුලිබල මණ්ඩලය සහ ස්වීඩන් රජයෙන් ලැබුණු රුපියල් දස ලක්ෂ 97ක් මේ සඳහා වැය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා