ඝෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ මහාධිකරණය වෙත පැමිණි අයුරු.


 

ආරක්‍ෂක ලේකම් ඝෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු කොඩි සිද්ධියට අදාළ නඩුවේ සාක්‍ෂි දීම සඳහා කොළඹ මහාධිකරණය වෙත ඊයේ (25) පැමිණි අයුරු. ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ලේ මහතා ද මෙහි සිටී.
 




Send money to Sri Lanka - www.timesofmoney.com

 
 



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


යුද අධිකරණය අධිකරණයක්

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නිසි පරිදි බලය ලත් අධිකරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි අභියාචනාධිකරණය ඊයේ (25) ප්‍රකාශයට පත් කෙළේ ය. මරණ දඬුවම පවා නියම කළ හැකි යුද අධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 - D වගන්තියේ සඳහන් වන ‘කවර හෝ අධිකරණයක්’ යන නිර්වචනයට ඇතුළත් වන බව අගවිනිසුරු අසෝක ද සිල්වා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සුප් මහත්වරුන් වෙන වෙනම ලියා ඇති තීන්දුවල සඳහන් වේ.

විස්තර »

ෆොන්සේකාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්

ආරක්‍ෂක ලේකම් සුදු කොඩි නඩුවේ
සාක්කි දෙමින් කියයි.

* කොටි නායකයන් මරන්න මා අණ කළේ නෑ

* එල්ටීටීඊ සාමාජිකයන් 11968ක් භාර වුණා
* ඔවුන්ට හොඳින් සළකන්න උපදෙස් දුන්නා

සුදු කොඩි රැගෙන යටත්වීමට පැමිණි එල්ටීටීඊ නායකයන් මරාදමන ලෙසට තමා අණ කළ බවට සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වී තිබූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදු කොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (25) පැවැසීය.යටත් වීමට පැමිණෙන එල්. ටී. ටී. ඊ. නායකයන් සහ අනෙකුත් සාමාජිකයන් නීතියට අනුව භාර ගෙන ඔවුන්ට හොඳින් සලකන ලෙස තමා හමුදාවට උපදෙස් දී තිබුණු බවද රාජපක්‍ෂ මහතා කීය.

 

විස්තර »

ජනපති දෙවැනි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණය අදයි

ශ්‍රීලංකාව, ආසියාවේ ආශ්චර්යය බවට පත් කරනවාය යන නිර්මල ප්‍රාර්ථනාව සැබෑ කරවන්නට තමා වටා ඒකරාශී වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙරට ජනතාවට කළ ඇරයුම අසීමිත විශ්වාසයකින් පිළිගෙන එතුමාට දෙවැනි වරටත් රට භාර දුන් ඓතිහාසික වූත්, සදානුස්මරණීය වූත් ජනපතිවරණය මැතිවරණය පවත්වා අදට (26) වසරක් සපිරේ.

ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්ෂමා ආයතනය
කළ චෝදනා අමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

මානුෂීය මෙහෙයුම් පැවැති කාල සමයේ දී ජාත්‍යන්තර ක්ෂමා ආයතනය ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට එල්ල කළ චෝදනා අමෙරිකාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා රජයේ හමුදාවන්ට අවශ්‍ය වී තිබුණේ කිසිදු සිවිල් වැසියකුට හානියක් සිදු නොවන ආකාරයට මානුෂීය මෙහෙයුමෙන් ජයග්‍රහණය කිරීම බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශක ස්ටීව් හේජස් ප්‍රකාශ කර ඇත.

විස්තර »

මහා බෝධි ප්‍රහාරයට සැක දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී ලංකා මහාබෝධි මධ්‍යස්ථානයට පෙරේදා (24) රාත්‍රී මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.  මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක් වේ. විදේශ කටයුතු අමාත්‍යවරයා ද කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය හරහා ඉන්දියන් රජය සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

විස්තර »

කිරිපිටි ආනයන බද්ද අඩුවෙයි මිල වැඩි නොවේ

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කිරිපිටි ආනයන බද්ද රුපියල් 22/- කින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ. වහාම එය ක්‍රියාත්මක වෙන බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා “දිනමිණ” ට පැවැසීය. කිරිපිටි සමාගම් 14 වතාවක් කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබිණි. එහෙත් පාරිභෝගිකයන් අපහසුතාවට පත්කළ නොහැකි නිසා කිරිපිටි මිල වැඩිකිරීම සිදු නොකොට ආනයන බද්ද අඩු කිරීමට ජනාධිපතිවරයා ඇමැතිවරයාට උපදෙස් දී තිබේ.

විස්තර »

කෝටි 15ක කොකේන් සමඟ
ඉන්දීය ජාතිකයා රේගු දැලේ

ශ්‍රීලංකාව හරහා බැංකොක් බලා යාමට තැත් කළ ඉන්දියන් ජාතිකයකු සතුව තිබී රුපියල් කෝටි 15ක් වටිනා කොකේන් කිලෝ 10ක් ශ්‍රී ලංකා රේගුව ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ. අස්ථානගත වූ ගමන්මලු කවුළුව වෙතට පැමිණි ඉන්දියන් ජාතිකයා පිළිබඳ සැක සිතී ගමන් මලු පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මේ කොකේන් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

විස්තර »

නොරොච්චෝලේ පළමු අදියර නිමයි

මෙගා වොට් 300ක් විදුලිබල පද්ධතියට

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ නිපදවෙන මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබන සතියේදී එක් කෙරේ. බලාගාරයේ පළමු අදියර යටතේ මේ ධාරිතාව එක් කැරේ. අදියර තුනක් යටතේ මෙගාවොට් 900 ක ධාරිතාවක් නිපදවිමට සැලසුම් කර තිබෙන මේ ගල්අඟුරු බලාගාරයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

විස්තර »

බන්ධනාගාරයට ලක්‍ෂ 20ක අලාභයක්

අනුරාධපුර බන්ධනාගාරයේ පෙරේදා (24) ඇතිවූ කලහකාරී සිද්ධියෙන් බන්ධනාගාරයට රුපියල් ලක්‍ෂ විස්සක පමණ අලාභ හානියක් සිදු වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය අනාවරණය කරගෙන තිබේ. රැඳවියන් බන්ධනාගාරයේ පුස්තකාලයට, ලොන්ඩ්‍රියට, මුළුතැන්ගෙට ඇතුළු තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබේ.

විස්තර »

“ගතවන සෑම තත්පරයක්ම
මවුබිම ගොඩනඟන්නට යොදවමු”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2010 ජුනි 01 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .

 
උදේ ඉඳලා හති දමාගෙන කෝල් කෙරුවත් ගන්නෙ නෑ
දකින තුරු ඔහු අනේ මම නම් බත් කටක්වත් කන්නෙ නෑ
ක්ෂණික පන්සල් සවාරියේ යන සජිත් මට සලකන්නෙ නෑ
පුණ්‍ය පෙට්ටිය ඡන්ද පෙට්ටිය වගේ පෙනිලද දන්නෙ නෑ