බියගම ප්‍රා: සභාවේ එ. ජා. ප මන්ත්‍රීවරු 5ක් මෙවර සන්ධානයෙන් තරග වදිති

බියගම ප්‍රා: සභාවේ එ. ජා. ප මන්ත්‍රීවරු 5ක් මෙවර සන්ධානයෙන් තරග වදිති

බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද ගනේපොල මහතා (එජාප) ඇතුළු එ. ජා. පක්‍ෂ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් මෙවර බියගම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එ. ජ. නි. සන්ධානයෙන් තරග වදිති. පී. ඩබ්ලිව්. සමන් වීරසිරි, සමන්ත චන්දන විජේරත්න, ඩී. රමිල් ප්‍රසංග සිල්වා හා එස්. එම්. එස්. හසන් යන සිවුදෙනා සෙසු හිටපු එ. ජා. පක්ෂ මන්ත්‍රීවරුන් වෙති.

පසුගිය මැතිවරණයේදී හසන් මහතා එ. ජා. පක්ෂයෙන් තේරීපත්වුවත් ඔහු මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයෙකු වන අතර දැන් මුස්ලිම් කොංග්‍රසය රජයට සහාය දක්වන නිසා ඔහු මෙවර එ. ජ. නි. සන්ධානය යටතේ තරග කරනු ඇත.

මේ අතර හිටපු එ. ජා. පක්ෂ මන්ත්‍රී කේ. පී. නිමල් රංජිත් මහතා මෙවර තරග නොකරන අතර මේ සියලුම හිටපු එ. ජා. පක්ෂ මන්ත්‍රීවරුන් ජනපතිතුමාගේ වැඩපිළිවෙළ ගැන පැහැදී පසුව රජයට සහාය දුන් අය වෙති. මෙවර තරගවදින හිටපු උප සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පස්දෙනා දැනටමත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා