කෑගල්ල බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඩිජිටල් පියානෝවක්

කෑගල්ල බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයට ඩිජිටල් පියානෝවක්

විවිධ දුක්ඛ දෝමනස්සයන්ගෙන් හා හැඩතලවලට මුහුණ දෙන දූ දරුවෝ විශාල පිරිසක් මේ රටේ සිටිනවා.ආණ්ඩුව ලෝකයේ කිසිම රටක නැති විදිහට මේ රටේ පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇඳුම්, පෙළ පොත් සහ විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය ලබා දෙනවා. සමාජය මේ විදිහට දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන විට මේ දරුවන්ටත් යුතුකමක් තිබෙනවා තමන්ගේ අනාගතය සාර්ථක වන අයුරින් කටයුතු කරමින් මව්බිමට ආදරය කරන පිරිසක් ලෙස හැඩ ගැසීමට යයි අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා කෑගල්ල බුද්ධ ජයන්ති ළමා සංවර්ධධන මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ කෑගල්ල බුද්ධ ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ඩිජිටල් පියානෝවක් සහ ග්‍රීන් බෝඩ් 5 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. තවදුරටත් මෙහිදී අදහස් දැක්වූ ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ රට නිදහස් කර ගත් සේනාධිපති නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මානුෂිත යුද්ධය නිමා කිරීමත් සමගම මේ රටේ දෙමාපිය රැකවරණ අහිමි වූ දරුවන් රැක බලා ගැනීමේ වගකීමත් භාරගෙන තිබෙනවා.

හාරිස්පත්තුවේ අරියවංශාලංකාර හිමි - පන්සිල් ගැනීම බෞද්ධයන්ට පමණක් සීමා වූවක් නොවෙයි. ඒ තුළින් සමාජයේ මානව හිමිකම් 5 ක් ආරක්ෂා කරනවා. කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් සණස ව්‍යාපාරයේ නායක ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඩිජිටල් පියානෝව ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දරුවන් වෙත ප්‍රදානය කළ අවස්ථාව

බුද්ධ ජයන්ති ළමා නිවාසයේ රැදවියන්ගෙන් කොටසක්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා