සා. ජෝශප් බාලිකාවට ජය

සා. ජෝශප් බාලිකාවට ජය

නුගේගොඩ සාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ නිමේෂා තත්සරණිගේ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් වයස අවුරුදු 17න් පහළ ‘ඒ’ කොටසේ පැසිපන්දු කාන්තා සූරතාව සාන්ත ජෝශප් බාලිකා විදුහලට හිමිවිය. බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය 51-50ක් ලෙස තියුණු තරගයකින් පරාජය කළ සාන්ත ජෝශප් බාලිකා කණ්ඩායම පළමු අර්ධයේදී ලකුණු 18-32ක් ලෙස ප්‍රබල පසුබෑමකට ලක්ව සිටියද දෙවන අර්ධයේදී නිමේෂා තත්සරණි ලකුණු 28ක් ලබා ගැනීමේ හේතුවෙන් තරගයේ අවසන් මිනිත්තු කිහිපයේදී 51-50ක් ලෙස ජයග්‍රහණය අත්කර ගැනීමට සාන්ත ජෝශප් පිල සමත්විය.

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමයේ සංවිධානයෙන් වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විද්‍යාලයීය පිටියේදී කණ්ඩායම් 9ක් සහභාගීත්වයෙන් පැවැති මේ තරගාවලියේදී තෙවන ස්ථානය සාන්ත ලෝරන්ස් බාලිකාවන්ට හිමිවිය. ඔවුන් වෙතින් සිරිමාවෝ බාලිකාවන් ලකුනු 52-19ක් ලෙස පරාජයට පත්විය. තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාවට හිමි සම්මානය සාන්ත ජෝශප් බාලිකාවේ නිමේෂා තත්සරණිට හිමිවූ අතර එම විද්‍යාලයේම මිෂිකා හිරුෂි හොඳම ආරක්ෂක ක්‍රිීඩිකාව ලෙස සම්මාන ලබාගත්හ. බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ කෙයාෂා සිරිවර්ධන හොඳම ප්‍රහාරිකාවට හිමි සම්මානය දිනා ගනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා