ෂිතෝරියු කරාතේ පිලට ජාත්‍යන්තර ජයක්

ෂිතෝරියු කරාතේ පිලට ජාත්‍යන්තර ජයක්

මැලේසියාවේ ක්වාලාලම්පූර්හි පැවැති 4වැනි ජාත්‍යන්තර ඉර්ඒ කරාතේ සූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ෂිතෝරියු කණ්ඩායම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6ක් දිනා ගැනීමට සමත් විය. රටවල් 14ක් සහභාගි වූ මේ සූරතාවලියට ශිහාන් ප්‍රදීප් සතරසිංහ මහතාගේ ප්‍රධාන උපදේශකත්වයෙන් සහ රුවන් සතරසිංහ මහතාගේ පුහුණුකාරත්වයෙන් යුතුව තරග වැදුණු ශ්‍රී ලංකා ෂිතෝරියු කණ්ඩායමට විමුක්ති ගුණරත්න, එරන්ද කුඩාගොඩ, රෝෂාන් දල්පදාදු, එවන්ස් පෙරේරා, ලක්ෂාන් කාංචන, රුවන් ශ්‍රීනාත්, මියුරාජ් හිස්මි, චතුරංග පෙරේරා, ලහන් සන්දුල් වෙල්ගම සහ හිරුන් සමරසිංහ ඇතුළත් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා