සන් සී නැවෙන් කැනඩා ගිය තව කොටියෙක් සොයා ගනී

සන් සී නැවෙන් කැනඩා ගිය තව කොටියෙක් සොයා ගනී

එම්. වී. සන් සී නෞකාවෙන් නීති විරෝධී ලෙස කැනඩාවට සංක්‍රමණය වූ තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සරණාගතයෙකු ප්‍රබල කොටි ත්‍රස්තවාදියෙකු බවට තහවුරු කරගෙන ඇත. කැනේඩියානු සංක්‍රමණික හා සරණාගත මණ්ඩලය මඟින් මේ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර මේ ත්‍රස්තවාදියා වහාම කැනඩාවෙන් පිටුවහල් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

නීතිවිරෝධී සංක්‍රමණිකයන් 492ක් රැගත් මෙම නෞකාව පසුගිය අගෝස්තු මාසයේදී කැනඩාවට ඇතුළුවී තිබෙන අතර එහි ගමන් ගත් පිරිසෙන් සිවු දෙනෙකු එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් බවට තහවුරු කරගෙන ඇත. මේ ත්‍රස්තවාදියා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම්වල නිරත වී තිබෙන බවට වීඩියෝ පට ඔස්සේ තහවුරු කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවද වාර්තා වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා