සාර්ථක ගෙවත්තකට හිමිකම් කියන ආදර්ශවත් ගුරු පියා

සාර්ථක ගෙවත්තකට හිමිකම් කියන ආදර්ශවත් ගුරු පියා

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේනේගම ග්‍රාමයේ පදිංචි එම්. ජී. ජී. වීරසිංහ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකි. එසේ වුවද ආදර්ශ ගෙවතු වගාව මගින් සිය ආර්ථිකය ස්වයංපෝෂිත කර ගැනීමට සමත්වූ දක්‍ෂ ගොවියෙකි.

මොහු නුගවෙල පිරිමි මහ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති වරයා වශයෙන් සේවය කරයි. මේ පිළිබඳව ඒ මහතා මෙසේ අදහස් දැක්වීය. ජනාධිපතිතුමා ජාතික සවිය ගම නැ¼ගුම වැඩසටහනට සමගාමීව ගෘහ ආර්ථික දශ ලක්ෂයක් සවිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. ඇත්තටම මෙහි සමාජ විද්‍යාත්මක වටිනාකමක් තිබෙන බව මම දැක්කා. ඒ නිසා මමත් මේ වැඩ සටහනට හදවතින්ම දායක වෙන්න ඉටා ගත්තා. අද ඔහුගේ නිවසේ පවත්වාගන යන ගෙවත්ත දුටුවන්ගේ නෙත් පැහැර ගැනීමට සමත් ය.

පළ දරන තක්කාලි, වම්බටු, මෑකරල්, බණ්ඩක්කා වැනි වගාවන් අතිශයින්ම වැදගත් ය. ගෝවා, නෝකෝල්, රාබු, වැනි වගාවන් ද මේ ගෙවත්තේ තිබේ. වැටකොළු, කරවිල, බෝංචි, වට්ටක්කා වැනි එළවළු වර්ග අතර සියලුම පළා වර්ග ද වගා කොට ඇත. අමු මිරිස්, මාළු මිරිස්, කොච්චි මේ අතර වේ.

රාජකාරිවලට බාධාවක් නොවන ආකාරයට මම ගෙවත්ත වගා කරන්නත් කාලය වෙන්කර ගත්තා. මගේ බිරිය වගේම දරුවොත් මා සමග ගෙවත්තේ වැඩට එක්වෙනවා. අප ආර්ථික වශයෙන් වගේම මානසික වශයෙනුත් විශාල සතුටක් බුක්ති විදිනවා. ඕනෑම අයෙකුට තම ගෙවත්ත ආදර්ශවත් ආකාරයට සකස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ මගින් නිවෙසේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා