උතුරේ රණවිරු උත්සවය මුලතිව් පුදුකුඩිඉරිප්පුහි දී උත්කර්ෂවත් අයුරින්

උතුරේ රණවිරු උත්සවය මුලතිව් පුදුකුඩිඉරිප්පුහි දී උත්කර්ෂවත් අයුරින්

යුද ජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණ සැමරුම් උළෙල උතුරු පළාත් උත්සවය මුලතිව් පුදුකුඩිඉරුප්පු මන්දුවිල් භූමියේ දී පැවැත්විණි.

අභිමානවත් අයුරින් මන්දුවිල් රණවිරු ස්මාරකය අභියස පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සහභාගි වූ අතර යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා ද සහභාගි විය.

යාපනය, වන්නි, මුලතිව්, ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ උළෙලට එක්ව සිටි අතර ප්‍රාදේශීය දිසාපතිවරු, ප්‍රාදේ්ශීය ලේකම්වරුන් හා රජයේ ආයතනවල ප්‍රධානීහු ද එක්ව සිටියහ.

ප්‍රදේ්ශයේ සාමාන්‍ය ජනතාව මෙන්ම පාසල් සිසු සිසුවියන් ද උත්සවය දැක බලා ගැනීමට මෙන්ම විරුවන්ට උපහාර දැක්වීමට ද එක්විය.

දමිළ, සිංහල පාසල් දරු දැරියන් ඉදිරිපත් කළ නර්තන අංග උළෙල තවදුරටත් අලංකාර කළේය. රණවිරුවන්ට නෙළුම් මල් ලබා දී කොඩි පැළඳවීම ද සිදු වූයේ දමිළ පාසල් දරුවන් අතිනි. මෙය සහෝදරත්වය හා මිත්‍රත්වය උදෙසා යහපත් අනාගතයකට සුබ පෙරනිමිත්තකි.

සර්ව ආගමික ආශීර්වාදය මැද උත්සවය ආරම්භ වූ අතර උත්සවයේ ප්‍රධාන දේශනය උතුරු ආණ්ඩුකාර ජී. ඒ. චන්ද්‍රසිරි මහතා විසින් සිදු කරනු ලැබීය. මෙහෙයුමට එක්වූ රණවිරුවන් පිරිසට ත්‍යාග පිරිනැමීම ද ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා