ලසිත් ලක්ෂාන්ගෙන් ශතකයක්

ලසිත් ලක්ෂාන්ගෙන් ශතකයක්

මාතර සාන්ත තෝමස් විදුහලේ නායක ලසිත් ලක්ෂාන් වයස 15 පහළ පළමු පෙළ තරගාවලියේ සිය තෙවැනි ශතකය වාර්තා කළේ ය. රාහුල විදුහල සමඟ පැවැති තරගයේ පන්දු 85 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමඟ ඔහු ලකුණු 116 ක් රැස්කර ගත්තේ ය.

මින් පෙර පැවති තරගවලදී මීපාවල අමරසූරිය විදුහලට එරෙහිව ලකුණු 210 ක් ද ගාල්ල සාන්ත ඇලෝසියස් විදුහලට එරෙහිව ලකුණු 107 ක් ද ඔහු රැස් කර ගෙන ඇත. වර්ෂාවෙන් බාධා පැමිණිනු මේ තරගයේ දී පැරබෝලා සූත්‍රයට අනුව සාන්ත තෝමස් පිළ ට ලකුණු 103 ක ජයක් හිමි විය.

සාන්ත තෝමස් 254 (ඕවර 49.3) ලසිත් ලක්ෂාන් 116, විදත් ජයනිදු 48 (කේ. හසංග 64/4, තිලිණ මානගේ 43/2)

රාහුල විදුහල 106/8 (ඕවර 33.5) යසිරු හේවානාදුගල 21, තිළිණ මානගේ 20( ලසිත් ලක්ෂාන් 17/2, විදත් ජයනිදු 27/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා