මරණ දැන්වීම්


 

ඩී.ඩී.එස්. සේනානායක - මතුගම උතුරු පල්ලිගොඩ, "පුබුදු", හි පදිංචිව සිට නැසීගිය විශ්‍රාමලත් විදුහල්පතිනී ඩී.ජී. සේනානායක මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූද, ජානකී, සරෝජනී, අසෝකා, ආනන්ද, නැසීගිය රවීන්ද්‍ර, දයානි, ලලිත් හා සනත්ගේ ආදරණීය පියාණන් වූද, නීල්, ඩඩ්ලි, චන්ද්‍රසිරි, නන්දනී, වසන්තා, සේනක, ලලනි, අනූෂා යන අයගේ මාමණ්ඩිය වූද, විශ්‍රාමලත් විදුහල්පති ඩී. ඩී. එස්. සේනානායක මහතා අවුරුදු 98 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු 2 වන බ්‍රහස්පතින්දා සවස 3.00 ට පාන්තිය පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 031929

දොස්තර ඩී.ඩී. චන්ද්‍රසේන මහතා - ශාමලී අබේසුන්දරගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද, එරන්දි චන්ද්‍රසේන හා නෙළුමිකා චන්ද්‍රසේන යන අයගේ ආදරණීය පියාණන් වූද, දොස්තර ඩී.ඩී. චන්ද්‍රසේන මහතා අභාවප්‍රාප්ත විය. දේහය පිළිබඳ අවසන් කටයුතු 2012 පෙබරවාරි 02 වන දින එනම් බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. අවමගුල් පෙරහැර, පස්වරු 5.00 ට බොරැල්ල ජයරත්න මල් ශාලාවෙන් පිටත්වේ. 030598

ලීනා ද සිල්වා - වැලිගම ගේ ගුරු මාතාව - ගම්පල සිංහාපිටියේ අංක 30/1 පදිංචිව සිටි බෞද්ධ විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ඩබ්ලිව්. ලීනා ද සිල්වා (අහංගම මාග්‍රට් ඉස්කෝල හාමිනේ) ගුරු මාතාව 97 වසක් ආයු විඳ පරලෝ සැපත් විය. අවසන් කටයුතු 2012.02.02 ගුරු දින ගම්පොල ආදාහනාගාරයේ දී සවස 4 ට සිදු කරනු ලැබේ. ඥාති දරු පිරිස. 031082

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා