රටේ ජනතාවට පහසුකම් ලබාදීම අපේ වගකීම හා යුතුකමයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
29. 01. 2012 පොළොන්නරුවේදී




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

හොර දොස්තරලා වසර 5ක් හිරගෙට

සෞඛ්‍ය අමාත්‍යාංශය නීති සකසයි

රටපුරාම 40,000ක්

වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට (ව්‍යාජ වෛද්‍යවරුන්ට) එරෙහිව වසර පහක සිර දඬුවමක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ. වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සුළු දඩයක් නිසා එම පුද්ගලයන් . . .

විස්තර »

උද්ධමනය 3.8%ක් දක්වා පහතට

ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයට අනුව පසුගිය 2011 වසරේ දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ උද්ධමන අගය සියයට 4.9 ක් වූ බවද මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට එය තවදුරටත් පහළ යමින් සියයට 3.8 දක්වා පහත වැටී තිබෙන බවද එම බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව පසුගිය වසරේ . . .

විස්තර »

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ද්‍රවිඩ විකාශය වන වසන්තම් රූපවාහිනියේ මාධ්‍යවේදීන්ට සම්මාන ප්‍රදානයක් පසුගියදා කොළඹදී පැවැත්විණි. ස්වාධීන රූපවාහිනියේ හිටපු සභාපති පොල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, කමිටු සාමාජික හාෂිම් උමාර්, දිනමිණ ප්‍රධාන කර්තෘ මහින්ද අබේසුන්දර, ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය ප්‍රවෘත්ති සංස්කාරක සුදර්මන් රදලියගොඩ, නියෝජ්‍ය කළමනාකරු හර්ෂ ධනංජය පීරිස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපාලි රංජිත්, ප්‍රවෘත්ති කළමනාකරු හසින්ද්‍රා පෙරේරා, වසන්තම් TV ප්‍රවෘත්ති කළමනාකරු ඉර්ෆාම් මොහොමඩ් මහත්ම මහත්මීන් සම්මාන උළෙලට සහභාගි වූ අයුරු.

ආපදාවක් නැත්නම්
අමාත්‍යාංශයේ සම්පත් ඩෙංගු මර්දනයට

රටෙහි ආපදාවක් නොමැති අවස්ථාවන්හි දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාහන හා මානව සම්පත් ඩෙංගු මර්දනය සඳහා යෙදවීමට ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. ඩෙංගු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය ලබාදෙමින් රටෙහි ස්වාභාවික ආපදාවක් නොමැති අවස්ථාවක තම අමාත්‍යාංශය යටතේ හා එක් එක් දිස්ත්‍රික්කයන්හි පිහිටා තිබෙන . . .

විස්තර »

සුදුසුකම් සපිරි පොලිස් නිලධාරීන්
654කට උසස්වීම් දෙන්න

පොලිස්පතිට අධිකරණ නියෝගයක්

සුදුසුකම් සපුරා ඇති පොලිස් නිලධාරීන් 654කට උසස්වීම් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් මහතාට නියෝග කර ඇත. ඒ අනුව පොලිස් සැරයන් තනතුරේ සිටි පොලිස් නිලධාරීන් 654කට උප පොලිස් පරීක්‍ෂකවරුන් ලෙස උසස්වීම් හිමි වේ.

විස්තර »

කැනඩාවට හොරෙන් පනින්න ගිය
200ක් අපි‍්‍රකාවේ අතරමං කරලා

නීති විරෝධී ලෙස සංක්‍රමණයවූ ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකු බටහිර අපි‍්‍රකාවේ ටෝගෝ රාජ්‍යයේ අතරමංව සිටිති. කැනඩාව බලා පිටත්ව යාමට මේ ශ්‍රී ලාංකික පිරිස ජාවාරම්කරුවන් වෙත මුදල් ලබාදී තිබෙන අතර පසුව ඔවුන් පිරිස අතරමං කොට ජාවාරම්කරුවන් පිරිස පලාගොස් තිබෙන බවද වාර්තා වෙයි. මේ පිරිස මුලින්ම ඉන්දියාවේ මුම්බායි නගරය වෙත ගොස් තිබෙන අතර එතැන් සිට අපි‍්‍රකාවේ ඝානාව වෙත ගොස් මුහුදු මාර්ගයෙන් කැනඩාවට යාමට සැලැසුම් කර ඇති බව සඳහන් වෙයි.

විස්තර »

දුම්රිය වැඩ වර්ජනයෙන් මගීහු රැසක් අමාරුවේ

ඇමැති මැදිහත් වීමෙන් වර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපතිවරු හා නියාමකවරුන් ඊයේ සවස 4.00 ට දැනුම්දීමකින් තොරව ආරම්භ කළ දුම්රිය වැඩ වර්ජනය නිසා නිවෙස් බලා ගමන් ගන්නා මගීහු දහස් ගණනක් මහ මඟ රස්තියාදු වූහ.

විස්තර »

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් තෙවැනිවරටත් පත්වූ අලවි මවුලානා මහතා සිය ධුරයේ දිවුරුම්දීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (01) සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා මවුලානා මහතා වෙත අදාළ පත්වීම් ලිපිය පිරිනැමූ අයුරු. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද මෙහි වෙයි. ඡායාරූපය - සුදත් සිල්වා

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast
 
“එන්. ජී. ඕ.” එකට මුවාවී - කප්පම් ගෙන
යුරෝපයේ සිට කොටින්ට උල්පන්දම් දෙන
“කොටි හිතවාදින්” - “ජවිපෙ”ට බොරුවට ළං වුණ
අපි හඳුනමු! ආණ්ඩුවට විරුද්ධ රංගන !