පොලිස්-ඉඩම් බලතල ආණ්ඩුව සතු විය යුතුයි

පොලිස්-ඉඩම් බලතල ආණ්ඩුව සතු විය යුතුයි

එජාප මන්ත්‍රී වසන්ත අලුවිහාරේ

පොලිස් හා ඉඩම් බලතල පළාත් සභාවලින් තොරව මධ්‍යම ආණ්ඩුව සතුව තිබිය යුතු යැයි හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු මෙන්ම මාතලේ දිස්ත්‍රික් එ. ජා. ප. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

විශේෂයෙන් රටෙහි තීරණාත්මක තීන්දු තීරණ වලදී පොලිස් හා ඉඩම් බලතල අතිශය වැදගත් වන්නේ යැයිද ඒනිසා රටෙහි අනාගතයේදී කිසිදු ගැටලුවක් ඇති නොවීම සඳහා ඉඩම් හා පොලිස් බලතල විමධ්‍යගත නොවිය යුතු යැයිද හෙතෙම කීය.

ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේදී පළාත් සභා සතු අධ්‍යාපන, සෞඛ්‍ය හා කෘෂිකර්ම විෂයන් සඳහා උපරිම බලය පළාත් සභා සඳහා ලැබිය යුතු බවත් දැනටමත් එම විෂයන්හි බොහෝ කටයුතු පළාත් සභා හරහා සිදුවන බවත් ඒ මහතා පැවසීය. ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම මේ මොහොතේ අත්‍යවශ්‍ය යැයිද ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු යැයිද මන්ත්‍රීවරයා කීය. විශේෂයෙන් පළාත් සභා හා එහි බලතල ගැන අද ජ. වි. පෙ. විවිධ විවේචන සිදු කරන්නේ එහි ඔවුන්ගේ නියෝජනය නැත්තටම නැති තත්ත්වයට පත්ව තිබීම නිසා යැයිද අලුවිහාරේ මහතා වැඩිදුරටත් පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා