මහර සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරෙන වගයි

මහර සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පැවරෙන වගයි

කොළඹ නුවර මාර්ගයේ කඩවත නගරය ඉතා ජනාකීර්ණ නගරයක් වන අතර එදා මෙදාතුර මෙම නගරයේ මාර්ග තදබදය ඉතා වැඩි වශයෙන් පැවතීම පිළිබඳව අවධානය යොමු කළ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායක ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ කඩවත නගරය වෙනුවෙන් පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු ආරම්භ කළේය.

මහර නව ජල යෝජනා ක්‍රමය

මෙම කටයුතු අතර කඩවත නගරයේ වාහන තදබදය වෙනුවෙන් උමං මාර්ගයක් කඩවත නගරයේ ඉදිකිරීම මූලික වශයෙන් කළ අතර එම උමං මාර්ගය මේ මස 18 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. මීටර් 300 ක් දිග මෙම උමං මාර්ගය මීටර් 3.5 ක් පමණ වූ මංතීරු දෙකකින් සමන්විත වේ. මහජනතාවට ද ගමන් කළ හැකි පදික වේදිකාවකින් ද නිර්මාණය වී ඇති මෙම උමං මාර්ගයේ පළල මීටර් 07 කි. රුපියල් මිලියන 200 ක් වැය කර නිම කර ඇති මෙම උමං මාර්ගය ශ්‍රී ලංකාවේ ඇති වාහන ගමන් කළ හැකි එකම උමං මාර්ගය වශයෙන් හැඳින් විය හැකි ය.

මහර ජනතාවගේ වාණිජ කටයුතු නිසි අයුරින් ක්‍රමවත් ලෙස කිරීම වෙනුවෙන් විශේෂයෙන් කඩවත නගරයේ එක්තැනක සියලුම වාණිජ බැංකු පිහිටුවීම ලසන්ත අලගියවන්න මහතාගේ මූලික අරමුණ විය. අද එය මල්පල ගැන්වී තිබේ. සියලුම වාණිජ බැංකු එකම ස්ථානයක පිහිටුවා ඇති අතර ජනතාවටද වඩාත් පහසුවන අයුරින් කටයුතු කිරීමට මේ නිසා ඉඩ ප්‍රස්ථාව සැලසී තිබේ. නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා සියලුම දුර සේවා බස් රථ මෙන්ම මහර ජනතාව වෙනුවෙන්ද සේවය සලසන්නා වූ බස් රථ සේවා වෙනුවෙන් නව බස් නැවතුම් පොළක්, බැංකු ආශ්‍රිතව ගොඩ නැඟීමට ද ලසන්ත අලගියවන්න මහතාට හැකි විය.

කඩවත බස් නැවතුම්පොළ

කඩවත නව බස් නැවතුම් පළ නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් ඉදි වී ඇති අතර එම බස් නැවතුම්පොළ මෙම මස 18 වන දින ජනාධිපතිතුමාගේ අතින් විවෘත කිරීමට නියමිතය. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකම් ඇති පුරාවිද්‍යා ස්ථාන අතරින් මහර මැතිවරණ කොට්ඨාසයේ පිහිටි පිළිකුත්තුව රජමහා විහාරය, වළගම්බා රජමහා විහාරය, මාලිගාතැන්න සේනාසනය යන ස්ථාන කෙරෙහි දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ වැඩි අවධානයක් යොමු කරවීම වෙනුවෙන් පිළිකුත්තුව සංචාරක කලාපයක් කිරීමේ වැඩකටයුතු මූලිකව කෙරෙමින් පවතී.

මහර මැතිවරණ කොට්ඨාසයේ පානීය ජල ප්‍රශ්නයට උග්‍රව මුහුණ දුන් ජනතාවට විසැඳුම් ලබා දෙන මහර නව ජල යෝජනා ක්‍රමයද මේ මස 18 වනදා විවෘත කිරීමට නියමිතය. රුපියල් කෝටි 700 ක වියදමකින් මැතිවරණ කොට්ඨාස 05 ක් ආවරණය කරන පරිදි මෙම ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. මහර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා විශේෂයෙන් ව්‍යායාම කිරීම වෙනුවෙන් මහර මැතිවරණ කොට්ඨාසය තුළ ඇවිදීමේ මං තීරුව සහිත උද්‍යානයක් නිමවා ඇති අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන “සුන්දර ගම්පහ” යටතේ එය ක්‍රියාත්මක කර තිබේ.

නව උමං මාර්ගය

මහර දළුපිටිය ප්‍රදේශයේ ඉදි කර ඇති මෙම ඇවිදීමේ මං තීරුව සහිත උද්‍යානය නිසා මහර ජනතාවට තම සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් ව්‍යායාම කිරීම සඳහා ඉඩ ප්‍රස්ථා සැලසී තිබේ. කඩවත නගරයේ කොළඹ පිටත වටරවුම් මාර්ගය සඳහා මුල්ගල තැබීමද මෙදින සිදු කෙරේ. මේ සියලු කාර්යයන් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලසන්ත අලගියවන්න නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ලැබී තිබීම සුවිශේෂි වූ සිද්ධියකි.

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ මඟ පෙන්වීම යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් “ජනසෙවණ” “බැංකු උපහාර” වැඩසටහන තුළින් මහර පවුල් 86 ක් සඳහා බැංකු ණය ලබාදී තිබේ. මෙම (2012) වසරේ මුල් කාර්තුව අවසන්වීමට පෙර ජනසෙවණ වැඩසටහන යටතේ මහර මැතිවරණ කොට්ඨාසයේ තවත් පවුල් 50 කට නිවාස සංවර්ධනය සඳහා ණය මුදල් ලබාදීමට සැලසුම් කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා