බ්‍රිතාන්‍ය අගමැතිගේ අමෙරිකා සංචාරයේ දී ඇෆ්ගනිස්තාන - සිරියා -ඉරාන ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක්

බ්‍රිතාන්‍ය අගමැතිගේ අමෙරිකා සංචාරයේ දී
ඇෆ්ගනිස්තාන - සිරියා -ඉරාන ප්‍රශ්නවලට ප්‍රමුඛත්වයක්

ජනාධිපති ඔබාමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ (අඟහරුවාදා) වොෂින්ටනයට පැමිණීමට නියමිත විය. මෙම චාරිකාවට සිසුවියන් පිරිසක්, නමගිය ගොල්ෆ් ක්‍රීඩකයකු සහ චිත්‍රපට නළුවකු ද සහභාගි වීමට නියමිත ය. මෙම සාකච්ඡාවේ න්‍යාය පත්‍රයේ උණුසුම් මාතෘකා වන ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ ඉරානය මුල් තැන ගනු ඇතැයි සඳහන් ය.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ගේ මෙම තුන් දින චාරිකාවේ දී ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය අතර ගොඩනැඟී ඇති “විශේෂ සබඳතා” තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ප්‍රයත්න දරනු ඇතැයි විශ්වාස කෙරේ. මේ අතර කැමරන් ඔහියෝ හි බාස්කට් බෝල් තරගයක් ඇරඹීමට ජනාධිපති ඔබාමා සමඟ, ජනාධිපති ජෙට් ගුවන් යානයේ ගමන් කිරීමට ද නියමිතය.

මෙය විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඇමෙරිකන් ජනාධිපතිවරයා සමඟ එකට ගුවන් යානයෙන් ගමන් කරන ප්‍රථම අවස්ථාවයි. මෙම චාරිකාවට බ්‍රිතාන්‍ය අගමැති බිරිය සමන්තා කැමරන් ද සහභාගි වීමට නියමිතය. ජනාධිපති ඔබාමා සහ බ්‍රිතාන්‍ය අගමැති කැමරන් අතර නිල සාකච්ඡා අද දින පැවැත්වෙනු ඇත. මේ අතර, ඇමෙරිකාව බලා පිටත් වීමට පෙර, කැමරන් බ්‍රිතාන්‍යයේ දී පවසා ඇත්තේ සැලසුම් කළ පරිදි 2014 වන තුරු බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ රැදෙනු ඇති බවයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා