ඉතිහාසයේ වැරදුණේ ගම් බිම් ගැන නොහිතපු නිසයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ
2011 පෙබරවාරි 04 ඔයාමඩුවේ දී



සිසාරා යන්නට වෙබ් අඩවි . . . .

වී මිල වැඩි කරන්නට උද්ඝෝෂණ කිරීම

ගොවීන්ට එරෙහි “පිටි කුමන්ත්‍රණයක්”

වී මිල වැඩි කරන්නයි කෑ ගසන්නෝ ගොවීන්ගේ සැබෑ හිතවතුන් නොව, තිරිඟුපිටි සමාගම්වල මඩි තරකිරීමට මඟ පාදන්නන් බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අවධාරණය කරති.තිරිඟුපිටි සමාගම්වල වරදාන හා වරප්‍රසාදවලට ගිජුව මෙරට ගොවීන්ට හිතවත්කම මවා පෙන්වමින් වී මිල වැඩි කරන්නැයි උසි ගන්වන්නේ, සැබෑ ලෙසට ඒ හරහා බලාපොරොත්තු වන්නේ වැඩිපුර සහල් වෙනුවට ජනතාවට පාන් පිටි කැවීමට යැයිද ඔවුහු පෙන්වා දෙති.

විස්තර »

ගෑස්-කිරිපිටි හිතුමතේට වැඩි කරන්න
දෙන්න බෑ

ගෑස් සහ කිරි පිටි මිල අසාධාරණ ලෙස වැඩි කර සමාගම්වලට අනවශ්‍ය ලෙස ලාභ ඉපයීමට ඉඩ නොදීමට රජය තීරණය කර තිබේ. ඇතැම් කිරිපිටි සමාගම් රුපියල් සියයට එකසිය පනහකටත් වඩා වැඩි වශයෙන් ලාභ උපයන බවට තොරතුරු සොයාගෙන තිබේ. ලෝක වෙළෙඳ පොළේ කිරි පිටි මිල අඩුවූ කිසිම අවස්ථාවක කිසිම කිරි පිටි....

විස්තර »

ජිනීවා කුමන්ත්‍රණය පරදවා දිනූ නිදහස රැක ගැනීමේ අරමුණින් සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ පෙළපාළියක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසලදී ඊයේ (13) පැවැත්විණි. මේ එහි එක් අවස්ථාවකි.

ඡායාරූපය - රොෂාන් පිටිපන

රායප්පු ජෝසප් රදගුරුතුමා උත්සාහ කළේ ඊළම් රාජ්‍යයේ අගරදගුරු වීමටයි

- ඇමැති විමල් වීරවංශ

රායප්පු ජෝසප් රදගුරුතුමා උත්සාහ කළේ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍යයේ අගරදගුරු වීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය. ප්‍රභාකරන් මියගිය නිසා එම බලාපොරොත්තුව බිඳවැටුණ බව ද පැවසූ ඇමැතිවරයා, එම වේදනාවෙන්.....

විස්තර »

සාරිපොටින් ඔන්චිලි පැද්ද

දස හැවිරිදි හසාන් ගෙල සිරවී මරුට

සාරි රෙද්දකින් තැනූ ඔන්චිල්ලාවක් පදිමින් සිටි දස හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල සිරවීමෙන් මිය යෑමේ සිද්ධියක් පොළොන්නරුවේ සේවාගම ගොවිජනපදයෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ පොළොන්නරුව රාජකීය කනිෂ්ඨ විදුහලේ පහ වසර ඉගෙනුම ලබමින් සිටි එම්. එච්. හසාන් (10) නමැති සිසුවෙකි.

විස්තර »

සජිත්ගේ උපදෙස් මත රැස්වීම් එපා

රනිල් එජාප ආසන සංවිධායකයන්ට
දැනුම් දෙයි

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත කිසිදු රැස්වීමක් සංවිධානය නොකරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුන්ට යළිත් දැනුම් දී ඇත.සජිත් හිතවාදීන් දිගින් දිගටම ප්‍රාදේශීය මට්ටමේ රැස්වීම්වලදී රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවට පත් කිරීම සඳහා කටයුතු කිරීම....

විස්තර »

මුලතිව් කෝවිල්වලට මුදල් දෙන්න එපා

තිස්ස අත්තනායක සජිත්ට දන්වයි

මුලතිව් කෝවිල්වලට මුදල් ආධාර බෙදීමට යාම වහාම නවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබේ. මුලතිව් ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට....

විස්තර »

ගම්පහ - ඔරුතොට පාරේ කළු පාලම අසල පිහිටි ව්‍යායාම් මංතීරුව වෙත ඊයේ (13) උදෑසන ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම මංතීරුව නිරීක්‍ෂණය කරමින් ශාරීරික සුවතාවන්හි නිරත වූ අයුරුයි මේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ධම්මික පෙරේරා යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය - චන්දන පෙරේරා

 
ටැමිල් නෙට් එකට බාධා කරන වග
කොටි සගයෝ කියති කරළිය උඩට නැඟ
වෙන මොනවදෝ ඇති බත් කන මුව‍'ග ළඟ
එන් ජී ඕ මුදල් කොහොමද රඟන රඟ
 

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast