ප්‍රංශ ජනපති බිරියත් ඇයගේ මාධ්‍යවේදී මිතුරියත් මීළඟ ජනපතිවරණයට

ප්‍රංශ ජනපති බිරියත් ඇයගේ මාධ්‍යවේදී මිතුරියත් මීළඟ ජනපතිවරණයට

ලබන මැයි මාසයේ දී ප්‍රංශයේ පැවැත්වෙන ජනාධිපති වරණයේ දී වත්මන් ජනාධිපති සාකෝසි ගේ නිරූපිකා බිරිය කාලා බෲනි සහ ඔහුගේ සමීප මිතුරියක් වන මාධ්‍යවේදිනී වැලරි ට්‍රියර්විලර් තරග වැදීමට නියමිතය. මේ සම්බන්ධයෙන් ඇමැති මත විමසුමක දී ට්‍රියර්විලර් ජයග්‍රහණය කරනු ඇතැයි විශ්වාසය පළවී තිබේ.

හතළිස් හැවිරිදි බෲනි ධනවත් ඉතාලි කර්මාන්ත කරුවකුගේ දියණියකි. මේ අතර ට්‍රියර්විලර් අංග විකල මවුපියන්ගේ දියණියකි. මෙම කාන්තාවන් දෙදෙනාම තම තමන්ගේ ක්ෂේත්‍රවල ප්‍රංශයේ නම ගිය දෙදෙනකු ලෙස සැලකේ. 2008 දී අලුතින් ජනාධිපති පදවියට පත්වූ සාකෝසි සිය බිරිය දික්කසාද කොට නිරූපිකා බෲනි සමඟ විවාහ විය.

මේ අතර, දික්කසාද වූ කාන්තාවක් වන ට්‍රියවිලර් දරුවන් තිදෙනෙකුගේ මවකි. ප්‍රංශ ජනාධිපති තරගයේ දී තවත් අපේක්‍ෂකයන් කිහිපදෙනෙක් ද තරග වැදීමට නියමිත ය. එහෙත් ඒ අයට ජනාධිපති ධුරයට පත්වීමේ කිසිම ඉඩකඩක් නැති බව දේ්ශපාලන විචාරකයන් ගේ මතය යි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා