ඉරාකයේ තැන තැන පිපිරීම් 38ක් ජීවිතක්ෂයට: 170කට තුවාල

ඉරාකයේ තැන තැන පිපිරීම් 38ක් ජීවිතක්ෂයට: 170කට තුවාල

ඉරාකයේ පළාත් 7 ක පෙරේදා ඇතිවු බෝම්බ පිපිරීම් හා වෙඩිතැබිම් ඇතුළු ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 38 දෙනකු ජීවිතක්ෂයට පත්ව 170 දෙනෙකුට වැඩිප්‍රමාණයක් තුවාල ලබා තිබෙන බව ආරක්ෂක නිලධාරීන් පවසා තිබේ.

මෙය ඉකුත් මාර්තු 20 දායින් පසු ඇතිවූ දරුණුම ප්‍රහාරාවලියක් ලෙස සැ‍ලකේ.

එහිදි 50 දෙනකු ඝාතනය වී තිබු‍ණේ එහි වගකීම බාරගත් අල්කයිඩා පෙරමුණු කණ්ඩායමක් වන ඉරාක ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාර වලිනි.

පෙරේදා ප්‍රහාරයන් සිදුව ඇත්තේ දේශපාලන නොසන්සුන්තා හා සුන්නි සහායක ඉරාක කණ්ඩායම්වලින් ආරක්ෂක පියවර ප්‍රමාණවත් නොවන බවට හා සන්නද්ධ බළකා නායකයා ලෙස අගමැති නුරි අල් මලිකි ඊට වගකිවයුතු බවට චෝදනා නැගී තිබියදීය.

මේප්‍රහාර මාලාවට වෙන වෙනම පුපුරා ගිය රිය බෝම්බ 14 ක් වෙනත් බෝම්බ ප්‍රහාර 13 ක් හා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 3 නක් ඇතුළත් අතර ඒවායින් සිවිල් වැසියන් 23 දෙනකු පොලීසියේ 10 දෙනකු හා අල්කයිඩා විරෝධී සටන්කරුවකු හා සෙබළුන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබිණ.

බැග්ඩෑඩය හා ඒ අවට ඇතිවූ බෝම්බ ප්‍රහාරවලින් පමණක් 17 දෙනකු ඝාතනය වී 106 දෙනකු තුවාල ලබා ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් කියැවී ඇත.

අගනගරයේ හයි‍ෆා වීදියේදී සෞඛ්‍ය ඇමති මජිඩ් හමාඩ්අමින් ගේ රිය පෙළ ඉලක්ක කරගත් රිය බෝම්බයකින් සිවිල් වැසියන් දෙදෙනකු මිය ගිය අතර ඇමති ආරක්ෂකයින් සිවු දෙනකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා ඇත.

තවත් රිය බෝම්බ 4 කින් හා මාර්ගාසන්න බෝම්බ දෙකකින් බැග්ඩෑඩයේ 9 දෙනකු ඝාතනය වී 62 නෙකු තුවාල ලබා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා