මාලදිවයින් නව පාලකයන්ට තහංචි පනවන්නැයි හිටපු ජනපති ඉල්ලයි

මාලදිවයින් නව පාලකයන්ට තහංචි පනවන්නැයි හිටපු ජනපති ඉල්ලයි

මාලදිව‍යිනේ නවපාලනය මත සම්බාධක පනවන්නැයි කුමන්ත්‍රණයකින් තමා බලයෙන් පහකළ බව පවසන එරට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් පොදුරාජ්‍ය මණ්ඩලීය කණ්ඩායමෙන් හා සෙසු රටවලින් පෙරේදා ඉල්ලා සිටියේය.

එහි එක් පියවරක් වශයෙන් මාලදිවයින් නවපාලනයේ සාමාජිකයන්ට සිය රටවල සංචාරය සඳහා අන්තර් ජාතික ප්‍රජාව විසින් තහනමක් පැනවිය යුතු බව නෂීඩ් කීවේය. මේ නව පාලනයේ බලධාරීන් රැසකට ‍යුරෝපා රටවල නිවාස තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.

නෂීඩ් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින්නේ මාලදිවයිනේ නියමිත කාලයට කලින් මැතිවරණයක් පැවැත්වීමේ‍ යෝජනාවට සහාය ලබාගැන්ම සඳහාය.ඉන්දියාව මුලදී මාලදිවයින් නව පාලනය පිළිගත්තද දැන් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් යුරෝපා සංගමය හා එක්සත්ජනපදය සමග එක්ව ඉක්මන් මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ඉල්ලා තිබේ .

මේ අනුව පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍යමය ක්‍රියාකාරිත්ව කණ්ඩායම විසින් දැඩි පියවර ගත යුතු බව අවබෝධකරගත යුතු සේම ඒවා වහා ක්‍රියාත්මක කළ යුතු බවද නෂීඩ් පවසා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා