ගිනිබිසව් හිටපු රජය ජුන්ටාව පන්නන්න එජා සහාය ඉල්ලයි

ගිනිබිසව් හිටපු රජය ජුන්ටාව පන්නන්න එජා සහාය ඉල්ලයි

සතියකට පෙර ගිනි බිසවු රාජ්‍යයේ බලය අල්ලාගත් හමුදා ජුන්ටාව පලවා හැරීමට සහාය වනු පිණිස අන්තර්ජාතික හමුදාවක් එවීමට පියවර ගන්නැයි එරට විදේශ ඇමති මමාදු සාලියු ජාලෝ පෙරේදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

ඉකුත් අප්‍රේල්මස 12 දා අදාල කුමන්ත්‍රණය සිදුවන අවස්ථාවේ විදේශ ඇමතිවරයා රටේ නොසිටි අතර දැන් ඔහුට යළි සිය රට පැමිණීමට නොහැකිව ඇත.” වහාපියවර ගන්නැයි මා අයැද සිටිනවා “යැයි ඔහු ආරක්ෂක මණ්ඩලයට දන්වා ඇත.

මේ මැදිහත් වීම සඳහා පෘතුගාලයේ හා පෘතුගීසි බස වහරන රටවල මූලික කණ්ඩායම් වලද සහාය පලව ඇත.මේ අය අප්‍රිකානු කණ්ඩායම් සමග එවන් හමුදාවක් සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා පවත්වන බව ද සඳහන්ව තිබේ.

ගිනිබිසවු හමුදා නිලධාරීන් විසින්පාලන බලය අල්ලා ගත් අවස්ථාවේ රජයේ නායකයන් සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත

පෘතුගාල විදේශ ඇමති පවුලෝ පෝටස් කියා ඇත්තේ අන්තර්ජාතික ප්‍රජාවගේ එක්සත් ප්‍රකාශනය නොවන්නට මේවනවිටත් අතුරුවාර ජනාධිපති ,අගමැති හා සෙසු ජ්‍යෙෂඨ ඇමතිවරුන් ඝාතනය කෙරීතිබෙනු නොඅනුමාන බවය. තවද 1998 සිට ගිනිබිසවු හි යුද්ධයක් ,හමුදා කුමන්ත්‍රණ 4 ක් හා ජනාධිපතිවරයකු හා හමුදා මාණ්ඩලික ප්‍රධානීන් සිවුදෙනකු ඝාතනය කිරීම් සිදුව ඇති බව සඳහන් කරන ඔහු ගිනිබිසවු රාජ්‍යයට ව්‍යවස්ථාපිත පාලනය සහිත රටක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් මත පදනම් අසාර්ථක රාජ්‍යයක් යන දෙකෙන් එකක් තෝරාගැන්මට සිදුව ඇතැයි කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා