ගිනි පෑගීම බලා සිටියදී බැල්කනිය කඩා වැටෙයි

ගිනි පෑගීම බලා සිටියදී බැල්කනිය කඩා වැටෙයි

මහනුවර මහයියාව ප්‍රදේශයේ පිහිටි කෝවිලක තේරු උත්සවයක ගිනි පෑගීමේ අවස්ථාවක් නිවසක බැල්කනියක් මතට වී පිරිසක් නරඹමින් සිටියදී එම බැල්කනිය කඩා වැටීම නිසා විසිපස් දෙනකු පමණ තුවාල ලබා ඇත.

සිද්ධිය ඊයේ (06) පස්වරු 3.00ට පමණ සිදුව තිබේ. තුවාලකරුවන් 20 දෙනකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කැර ඇත.

තුවාලකරුවන් අතර කුඩා දරුවන් හා කාන්තාවන්ද සිටින බව පොලිසිය පවසයි.

බැල්කනිය මතට විශාල පිරිසක් ගොඩවීම නිසා බර ඔරොත්තු නොදී එය කඩා වැටී ඇති අතර අනතුරින් වැඩි තුවාල සිදුව ඇත්තේ බැල්කනිය පහල සිටි අයට බව දැනගන්නට තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා