බහරේනයේ දී මිය ගිය කතගේ මරණය ගැන වාර්තාවක් ඉල්ලයි

බහරේනයේ දී මිය ගිය කතගේ මරණය ගැන වාර්තාවක් ඉල්ලයි

අභිරහස් අන්දමින් බහරේනයේදී මරණයට පත් ශ්‍රී ලාංකික කාන්තාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකොට කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙන බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම කාන්තාව වාසය කළ නිවසේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු සැක කෙරෙන බවද එදිනම එම පුද්ගලයා ශ්‍රී ලංකාවට පලා ගොස් තිබෙන බවද කුවේටයේ ශ්‍රී ලංකා තානාපති සී. ඒ. එච්. එම් විජේරත්න මහතා “දිනමිණ” ට පැවසීය.

මැනමාහි මහල් නිවාසයක දී මෙසේ අභිරහස් අන්දමින් මරණයට පත්ව සිටි 42 හැවිරිදි අචලා ආරච්චිගේ නැමති ශ්‍රී ලාංකික කාන්තාව ගේ මළ සිරුර හමුවී තිබෙන අතර එම මරණය සැක සහිත බවද අදාළ ස්ථානයේ තිබී රසායනික ද්‍රව්‍යයක් හමුවී තිබෙන බවද තානාපතිවරයා සදහන් කළේය.

කෙසේ වුවද මේ දක්වා තමා වෙත වාර්තාවක් ලැබී නොමැති බවද අදාළ වාර්තාව ලද විගස ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවද පැවසූ කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයා එරට පොලීසිය මගින් දැනටමත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද කීවේය.

මේ දිනවල බහරේනය තුළ යම් යම් ගැටලු පවතින බව සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා පෙන්වා දුන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා