අශාන්ට ජය පිට ජය

අශාන්ට ජය පිට ජය

අනුරාධපුර සාලියපුර පසුගියදා පැවැති ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ එස්.එල්.ජී.ටී.අශ්වබල 3500 සුපිරි මෝටර් රථ ධාවන තරග ඉසව් 2කම ජයගැනීමට මෝතුල් අනුග්‍රාහකත්වය දරන අශාන් සිල්වා සමත්විය.

එම තරග ඉසව්වේ පළමු තරගයේ දෙවැනි තැන මිස්සක නවීන් දිනාගත් අතර රියාස් ෆාරුක් තුන්වැනි ස්ථානය අත්කර ගත්තේය. දෙවැනි තරගයේ දී අරවින්ද ප්‍රේමදාස දෙවැනි ස්ථානයට පත්වූ අතර මිස්සක නවීන් තුන්වැනි තැන ලබා ගත්තේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා