රඹුක්කන සන්ධාන ආධාරකරුට වෙඩි තබා මරා දමයි

රඹුක්කන සන්ධාන ආධාරකරුට වෙඩි තබා මරා දමයි

වෙඩි තැබීමකින් බරපතළ ලෙස තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කැර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු හා රඹුක්කන නගරයේ වෙළෙඳ ව්‍යාපාරික හර්ෂ හෙට්ටිආරච්චි (40) මහතා පෙරේදා (06) මිය ගියේය.

ඉකුත් 4 දා රාත්‍රි තමාට අයත් ලොරියකින් රඹුක්කන දළුග්ගල පිහිටි සිය නිවෙස බලා යමින් සිටියදී මේ වෙඩි තැබීම රඹුක්කන, මැදගොඩැල්ල ප්‍රදේශයේදී සිදුවී ඇතැයි රඹුක්කන පොලිසිය පවසයි.

හිසට වෙඩි වැදීමෙන් රියැදුරු අසුනේ වැටී සිටි මේ ව්‍යාපාරිකයා ප්‍රදේශවාසීන් විසින් රඹුක්කන දිසා රෝහලට ගෙන යන ලද අතර, බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරු කෑගල්ල රෝහලටත් අනතුරුව මහනුවර මහරෝහලටත් යවා ඇත.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ බෝම්බ පිපිරීමක්ද සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මේ ඝාතනයට අදාළ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, රඹුක්කන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා