මාදම්පේ සේනානායක ඉබ්බාගමුව සෙන්ට‍්‍රල් දිනති

දැයට කිරුළ වොලිබෝල් 15න් පහළ සූරතා

මාදම්පේ සේනානායක ඉබ්බාගමුව සෙන්ට‍්‍රල් දිනති

දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ 15 න් පහළ පිරිමි සූරතාව මාදම්පේ සේනානායක විදුහල දිනාගත් අතර කාන්තා සූරතාව ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

පිරිමි අවසන් තරගයේදී මාදම්පේ සේනානායක විදුහල වෙතින් නාත්තණ්ඩිය ධම්මිස්සර පිල පරාජයට පත්විය.

එහි තුන්වැනි ස්ථානය දිනාගත්තේ පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් මහා විද්‍යාලයයි.

15න් පහළ කාන්තා අවසන් තරගයේදී ඉබ්බාගමුව සෙන්ට‍්‍රල් වෙතින් පොල්ගහවෙල ශාන්ත බර්නදෙත් මහා විද්‍යාලය පරාජයට පත්විය.

තුන්වැනි ස්ථානය ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

17 න් පහළ සූරියෝ මාදම්පේ සේනානායක

17 න් පහළ කාන්තා අවසන් තරගය ඊයේ සවස නිමාවට පත්වූ අතර එහිදී මාදම්පේ සේනානායක විදුහලට ජය හිමිවිය. සේනානායක කී‍්‍රඩිකාවෝ වෙතින් පරාජයට පත්වූයේ ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයයි.

තරග වට තුනම පිට පිට ජයගත් සේනානායක විදුහල් පිල පහසු ජයක් වාර්තා කෙළේය.

එහි තුන්වැනි ස්ථානය හෙනේගම මධ්‍ය මහා විද්‍යාලයට හිමිවිය.

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි වොලිබෝල් කී‍්‍රඩා පිටියේ තරග පැවැත්වෙන අතර අද 23න් පහළ කාන්තා හා පිරිමි අවසන් තරග පැවැත්වීමට නියමිතය.

23න් පහළ කාන්තා අවසන් පූර්ව තරගයට ශ‍්‍රී ලංකා පොලිසිය හා මාවතගම කැෂුවලයින් කී‍්‍රඩා සමාජයත් ජාතික තරුණ සේවා සභාව හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමත් සුදුසුකම් ලබා සිටිති.

23න් පහළ පිරිමි අවසන් පූර්ව තරගයට සියඹලාපිටිය පදනම කී‍්‍රඩා සමාජය හා මාදම්පේ සේනානායක මධ්‍ය මහා විද්‍යාලයත්, ගම්පහ සියනෑ තරු හා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියත් සුදුසුකම් ලබා ඇත.

දැයට කිරුළ වොලිබෝල් තරගාවලියේ සියලුම අංශවල ජයග‍්‍රාහී කී‍්‍රඩා සමාජවලට සූරතාව හා මුදලින් රුපියල් 50000 ක් හිමිවේ.

දෙවැනි ස්ථානයට රුපියල් 40000 ක් හා තෙවැනි ස්ථානයට රුපියල් 30000 බැගින් ප‍්‍රදානය කෙරේ.

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය අධ්‍යාපන අමාත්‍යංශයේ කී‍්‍රඩා අංශය හා පාසල් වොලිබෝල් සංගමය දැයට කිරුළ ප‍්‍රදර්ශන කමිටුවේ අනුග‍්‍රහයෙන් තරගාවලිය සංවිධානය කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා