ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් තරගයට අසීම් කමල් එයි ?

ශී‍්‍ර ලංකාවට එරෙහි ටෙස්ට් තරගයට අසීම් කමල් එයි ?

ශී‍්‍ර ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන කි‍්‍රකට් සංචිතයෙන් වේගපන්දු යවන කී‍්‍රඩක රාඕ ඉෆ්තිකා ඉවත්කර ඇත. 32 හැවිරිදි වමත් පිතිකරු අසීම් කමල් කෙරෙහි අවධානය යොමුකළ පාකිස්තාන කි‍්‍රකට් තේරීම් කමිටුව ඔහුව ඇතුළත් කර ඇත.

28 හැවිරිදි ඉෆ්තිකා එක්දින අන්තර්ජාතික තරග සඳහා පාකිස්තානය සතු හොඳම පන්දු යවන්නෙකු වුවද ටෙස්ට් තරග සඳහා වේගපන්දු යවන්නන් සිටින හෙයින් ඔහු ඉවත්කළ බව තේරීම් කමිටු ප‍්‍රධානී හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක අබ්දුල් කදීර් ප‍්‍රකාශ කෙළේය.පාකිස්තාන ටෙස්ට් සංචිතයට කී‍්‍රඩකයන් 22ක් ඊයේ නම් කළද මේ 18 වැනිදා කී‍්‍රඩකයන් 15 දක්වා අඩුකිරීමට බලාපොරොත්තු වේ.

පාකිස්තාන කි‍්‍රකට් සංචිතයට නැවැත කැදවූ අසීම් කමාල් ටෙස්ට් තරග 12 කට කී‍්‍රඩාකර තිබේ. එහිදී අර්ධ ශතක 8ක් ද සමඟ ලකුණු 717ක් ඔහු ලබා ඇත. 2003 වසරේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව ප‍්‍රථම ටෙස්ට් තරගයට සහභාගී වූ ඔහු 2005 දෙසැම්බර් මාසයේ සිට පාකිස්තාන පිල නියෝජනය නොකළේය.

පාකිස්තාන ටෙස්ට් සංචිතයේ කෙටි පුහුණුවක් කරච්චිහිදී පැවැත්වෙන අතර ප‍්‍රථම ටෙස්ට් තරගය 21 වැනිදා කරච්චි ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය මාර්තු 1 දා ලාහෝර් හී ගඩාෆි කි‍්‍රඩාංගණයේදී ඇරඹේ.

පාකිස්තාන පුහුණු සංචිතය මෙසේය. යුනුස් ඛාන්, සල්මන් බට්, නසීර් ජම්සෙබ්, කුරාම් මන්සූර්, ෂොහිබ් මලික්, මිෂිබා උල්හක්, ෆයිසාල් ඉල්බාල්, අසීම් කමල්, ෆාවඩ් අලාම්, බසීඩ් ඛාන්, ෂයිඩ් බින් නසීර්, ෂොහෙල් තන්වීර්, යසීර් අර්ෆත්, දිනේෂ් කනේරියා, සහිඩ් අෆ්රිඩි, කම්රන් අක්මාල්, උමාර්ගුල්,, මොහොමඩ් කලා, ෂොහෙල් ඛාන්, අබ්දුල් රවුෆ්, සහිඩ් අජ්මාල්, සෆ්රාස් අහමඩ්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා