ෂොයිබ්ට නායකයෙකුගේ ලක්ෂණ නෑ

ෂොයිබ්ට නායකයෙකුගේ ලක්ෂණ නෑ

පාකිස්තාන පුහුණුකරු

පසුගිය මාසයේ ලංකාවට එරෙහි ව පැවැති එක් දින තරගාවලියේ දී ලද අන්ත පරාජය නිසා නායකත්වයෙන් පහකළ ෂොයිබ් මලික් පිළිබඳ පාකිස්තානයේ විවිධ මත පළවෙමින් පවතී.

පාකිස්තානය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති දෙවන එක් දින තරගයේ දී පාකිස්තානය ලකුණු 234ක පරාජයක් ලැබීය. පාකිස්තාන් පුහුණුකරු ඉන්ටිකාබ් අලාම් සහ කළමනාකරු සායිඩ් පවසා ඇත්තේ මලික් තමාගේ ම ලෝකය ජීවත් වන නායකත්ව ලක්ෂණ වලින් තොර කෙනෙක් බවයි.

‘අපට අවශ්‍ය සම්පූර්ණයෙන් ම ඇප කැපවී කටයුතු කරන කි‍්‍රකට් නායකත්වයක්’ ඔහු තවදුරටත් කියා තිබේ. මලික් මේ සම්බන්ධයෙන් අදහස් පළකිරීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පාකිස්තාන් කි‍්‍රකට් කමිටුව විසින් ආරම්භ කර ඇති පරීක්ෂණයේ කොටසක් වන මෙම රහසිගත වාර්තාව ඉකුත් සඳුදා එළිදක්වනු ලැබීය.

පාකිස්තාන් කි‍්‍රකට් පිළිබඳ මලික් නායකයෙක් වශයෙන් පිළිගැනීමට අකමැතිය.

මලික් වෙනුවට නව කි‍්‍රකට් නායක වශයෙන් යුනුස් කාන් පත්කර තිබේ. විශේෂඥ දඟ පන්දු යවන්නෙකුගේ අවශ්‍යතාව ද කඩුලු රකින කී‍්‍රඩක කමරන් අක්මාල් ගේ කී‍්‍රඩා කෞශල්‍ය පිළිබඳව ද පැහැදීමක් නැති බව පාකිස්තාන වාර්තා සඳහන් කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා