ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානය 27 දා

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානය 27 දා

ජාතික හා අන්තර්ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඇගැයීමට හා විශ්ව විද්‍යාල මට්ටමින් දක්ෂතා දැක්වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට වර්ණ හා විශේෂ තිළිණ ලබාදෙන 35 වැනි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානය මේ මස 27 වැනිදා පැවැත්වේ.

ගෙවීගිය වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව තෝරා විශේෂ කුසලතා සම්මාන ප‍්‍රදානය කිරීම ද සිදුවේ.

වසරේ විශිෂ්ටතම කී‍්‍රඩකයාට හිමි සම්මානය පිහිනුම් කී‍්‍රඩාවෙන් දක්ෂතා දැක්වූ ඩබ්ලිව්. එච්.පුෂ්පකුමාරට හිමිවේ. ඔහු මීටර් 50 ළය ආර ඉසව්වෙන් ජාතික ජල කී‍්‍රඩා සූරතාවලියේදී රන් පදක්කම දිනාගත් අතර මීටර් 50, 100 හා 200 ඉසව්වලින් ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කම දිනා ගත්තේය. 2007 වසරේ ලෝක විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙල නියෝජනය කිරීමට ද පුෂ්පකුමාර සමත්විය.

වසරේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස මලල කී‍්‍රඩිකා නිලංකා සංජීවනීට සම්මාන පිරිනැමේ. ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මීටර් 800 හා 1500 ඉසව්වලින් රිදී පක්කම දිනාගත් ඇය යෞවන ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 400, 800 හා 1500 ඉසව්වලින් නව තරග වාර්තා පිහිටවූවාය. ශ‍්‍රී ලංකා විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේදී තරග ඉසව් කිහිපයකම රන් පදක්කම් දිනා ගැනීමට ද ඇය සමත්වූවාය.

මේ සම්මානවලට අමතරව පිරිමි කී‍්‍රඩා කණ්ඩායම් 20 කට හා කාන්තා කී‍්‍රඩා කණ්ඩායම් 12 කට හා එක් එක් කී‍්‍රඩාවන්හී දක්ෂතා දැක්වූ දක්ෂතම කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තිස් එක් දෙනකුටද වර්ණ ප‍්‍රදානය කෙරේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය උප කුලපති ප‍්‍රධාන ශාරීරික අධ්‍යාපන අංශය කී‍්‍රඩා උපදේශක මණ්ඩලය හා කී‍්‍රඩා සංගමය මේ වර්ණ ප‍්‍රදානෝත්සවය සංවිධානය කරයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා