අවශ්‍ය තැන අවශ්‍ය වේලාවට නාවික හමුදාව

අවශ්‍ය තැන අවශ්‍ය වේලාවට නාවික හමුදාව

එ ල්ටීටීඊ ග‍්‍රහණයෙන් මිදී පලා ආ සාමාන්‍ය වැසියන් 6000 ක් පමණ සාමාන්‍ය වැසියන් පිරිසක් නාවික හමුදා මගින් මුදාගත් බව නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කෙළේය.

මේ අවතැන් වූ පුද්ගලයන්ට පේදුරුතුඩුව හා පුල්මුඩෙයි නාවික මධ්‍යස්ථාන දෙකේදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපැයීමට හා වෙනත් අවශ්‍යතා ඉටුකිරීමට විශේෂ සැලැසුම් සකස් කර ඇති බව ද වැඩිදුරටත් පැවැසීය.

මේ සාමාන්‍ය ජනතාව මුදාගැනීමේදී එල්ටීටීඊයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරකයන් සිවිල් වැසියන් ලෙස පෙනී සිටිමින් පැමිණීම නිසා නාවික හමුදාවට මහත් දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවිය. මෙහිදී මේ එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හඳුනා ගැනීමට විශේෂ නාවික යාත‍්‍රාවක් යෙද වූ බව ඔහු කියා සිටියේය.

සාමාන්‍ය වැසියන් මුහුදු මාර්ග ඔස්සේ ආරක්ෂක ප‍්‍රදේශවලට පැමිණීමේදී දැඩි අවදානමකට මුහුණ දී සිටිනවා. ඔවුන්ට වෙරළට පැමිණීමට අඩුම වශයෙන් පැය හතක්වත් ගත වෙනවා. මේ මානුෂික මෙහෙයුමේදී පලා එන සිවිල් ජනතාවට විශේෂ පහසුකම් සපයා තිබෙනවායි කමාන්ඩර් කරුණාරත්න පෙන්වා දුන්නේය.

උතුරු නැඟෙනහිර මුහුදු ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක මානුෂික මෙහෙයුමේදී ජනතාවට පිහිටවීමට නාවික හමුදා යාත‍්‍රා සීරුවෙන් තබා ඇති ගැලවුම් සහ වෛද්‍ය කණ්ඩායම් යොදා තිබෙන බව ද ඔහු සඳහන් කෙළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්