ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේදී ගුවන්  හමුදාවේ කැපවීම

ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේදී ගුවන්  හමුදාවේ කැපවීම

වි ශාල ලෙස ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මේ මෙහෙයුමේදී ගුවන් හමුදාව සෝදිසි කටයුතු හා ගුවන් ප‍්‍රහාර මගින් විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

ගුවන් හමුදාවේ ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමේ දී යුද මුක්ත කලාපයේ සිට රෝගී සහ තුවාල ලත් සාමාන්‍ය වැසියන් 238 ක් ගුවන් මඟින් අනුරාධපුර රෝහල වෙත ගෙනගිය බව ගුවන් හමුදා ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා ප‍්‍රකාශ කෙළේය.

මේ මෙහෙයුමේදී එල්ටීටීඊ කි‍්‍රයාකාරකම් පිළිබඳ සාමාන්‍ය වැසියන්ගේ ගමන් බිමන් පිළිබඳත් සමීප සෝදිසි මෙහෙයුම් සිදුකිරීමෙන් සහාය වීමට ගුවන් හමුදාවට හැකිව තිබෙනවා. අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා වියළි ආහාර පාර්සල් 20,000 ක් දිනපතා රැගෙන යන බව වින්ග් කමාන්ඩර් නානායක්කාර මහතා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතාගේ ද උපදෙස් අනුව අපේ‍්‍රල් මස 22 දා එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයක් මගින් කොළඹ සිට කිලිනොච්චිය දක්වා පිසින ලද තවත් ආහාර පාර්සල් 6000 ක් ගෙන ගිය බවද වින්ග් කමාන්ඩර් නානායක්කාර මහතා වැඩිදුරටත් පැවැසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්