නිදහස සොයා එන ජනතාවට විශේෂ ප‍්‍රතිකාර

නිදහස සොයා එන ජනතාවට විශේෂ ප‍්‍රතිකාර

පැය 48 ක් වැනි කාලයකදී යුද මුක්ත කලාපයේ සිට 100000 කට වැඩි සිවිල් ජනතාවක් ගලා ඒමෙන් පැහැදිලිවන්නේ, ඔවුන් රජය කෙරේ දැඩි විශ්වාසයක් තබා ඇති බව හා එල්. ටී. ටී. ඊ. කුපිතකිරීම් හමුවේ වුව ආරක්‍ෂක බළකායන් උපරිම ඉවසීමෙන් කටයුතු කරන බව යැයි පැවැසු ඇමැතිවරයා, ආරක්‍ෂක අංශ සාමාන්‍ය ජනතාව කෙරේ දැඩි අවධානය යොමා ඇති අතර ඒ අනුව තුවාල ලත් අයට පවා විශේෂ රැකවරණයක් ලබාදෙන බවත්, ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මේ කි‍්‍රයාවලියෙන් ආරක්‍ෂක හමුදාව ලෝකයේ සෙසු සමගාමීන්ට පරමාදර්ශයක් ලබා දී ඇති බවත් කියා සිටියේ සීමිත කාලයකදී මේ සුවිශාල ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා ගැනීමට කිසිම රටකට නොහැකිව ඇති බව අවධාරණය කරමිනි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස්මත, එල්. ටී. ටී. ඊ. ග‍්‍රහණයෙන් මුදාගත් රෝගීන් සඳහා රජයේ රෝහල්වල ඇඳන් 1000ක් වෙන් කිරීමට රජය කටයුතු කැර තිබේ. මෙය උතුරු නැෙඟනහිර රජයේ රෝහල්වල පවත්නා ඉඩකඩ හා ප‍්‍රතිකාර ලබාදීම්වලට අතිරේකව සිදු කැරෙන්නකි. මේ බව සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කැර තිබේ.

සිය අමාත්‍යංශය විසින්, මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන් 300ක්, හෙදියන් 550ක් යොදවා ඇති බව හා එම ප‍්‍රදේශවලට ආධුනික වෛද්‍යවරුන් 200ක් පත් කැර ඇති බවද ඇමැතිවරයා කියා ඇත.

තවද ඇඳන් 1000 බැගින් යුත් ජංගම රෝහල් දෙකක් ලබා ගැනීමට සාකච්ඡා පවත්වා ඇති බවද ඔහු කීය.

මේ අතර රජයේ ඉල්ලීමකට ප‍්‍රතිචාර දක්වන අන්තර්ජාතික ප‍්‍රජාව අපෙ‍්‍ර්ල් 23 දා කියාසිටියේ එල්. ටී. ටී.ඊ ග‍්‍රහණයෙන් මිදී පලා එන ජනතාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවය.

තානාපති අංශ සමඟ කොළඹ දී පැවැති සාකච්ඡාවකදී විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා, පලායන සාමාන්‍ය ජනතාවට ජලය සෞඛ්‍ය සනීපාරක්‍ෂක හා නැවතීමේ පහසුකම් වැඩි වශයෙන් ලබාදීමට ආධාර කරන්නැයි ඉල්ලා සිටියේය.

මේ අනුව හදිසි ආධාර ලබාදීමට පොරොන්දු වූ මුල්ම රටවල් අතර ඉන්දියාව එක්සත් ජනපදය හා ඔස්ටේ‍්‍රලියාවද විය. විදේශ ඇමැතිවරයා දක්වා ඇති පරිදි, හදිසි පවුල් කට්ටල 40,000කට වැඩි ප‍්‍රමාණයක් හා ආහාර පාර්සල් රැගත් ඉන්දීය නැවක් අපෙ‍්‍ර්ල් 24 දා ශී‍්‍ර ලංකාවට ළඟා වී ඇති අතර එක්සත් ජනපදය විසින් නුදුරේදීම උතුරේ පරිපූර්ණ ජංගම රෝහලක් පිහිටුවනු ඇත.

අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් ලැබෙන සහාය සම්පත් සම්බන්ධීකරණය කරනු පිණිස විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් චිත‍්‍රාංගනී වාගීස්වරගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කාර්ය බළකායක් පිහිටුවා තිබේ. මෙම බළකායට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හා ජාතිය ගොඩනැගිමේ හා අධිකරණ හා නීති සංශෝධන අමාත්‍යංශයන්හි නියෝජිතයන්ද ඇතුළත්ය. යුදමුක්ත කලාපයෙන් පලා එන සිවිල් ජනතාවට දැනටමත් රජය පූර්ණ වශයෙන් සහනාධාර ලබාදෙන බවද විදේශ ඇමැතිවරයා පවසයි.

පලා එන සිවිල් වැසියන්ට උපරිම රැකවරණය ලබාදෙනු දැක්ම අමාත්‍යංශයේ අපේක්ෂාව බවත් රජයෙන් ඔවුනට ලබාදෙන පහසුකම් තවතවත් වැඩි කිරීමට අන්තර්ජාතික ප‍්‍රජාවේ සහාය පතා ඇති බවද ඇමතිවරයා කීය.

“ ආහාර සම්බන්ධයෙන් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. නිවාස ජලය සනීපාරක්‍ෂණයට අදාළ සැපැයුම් සිදුකැරෙන අතර අන්තර්ජාතික ප‍්‍රජාවගේ සහාය ඇතිව මේ පහසුකම් වැඩි කළ හැකි වනු ඇතැයිද” ඔහු කීවේය.

මේ සිවිල් ජනතාවට දැනටමත් එ.ජා. ආයතනික ආධාර ලැබී තිබෙන අතර ඉදිරියේදී තවතවත් ආධාර ලැබෙනු ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

පැය 48 ක් වැනි කාලයකදී යුද මුක්ත කලාපයේ සිට 100000 කට වැඩි සිවිල් ජනතාවක් ගලා ඒමෙන් පැහැදිලිවන්නේ, ඔවුන් රජය කෙරේ දැඩි විශ්වාසයක් තබා ඇති බව හා එල්. ටී. ටී. ඊ. කුපිතකිරීම් හමුවේ වුව ආරක්‍ෂක බළකායන් උපරිම ඉවසීමෙන් කටයුතු කරන බව යැයි පැවැසු ඇමැතිවරයා, ආරක්‍ෂක අංශ සාමාන්‍ය ජනතාව කෙරේ දැඩි අවධානය යොමා ඇති අතර ඒ අනුව තුවාලලත් අයට පවා විශේෂ රැකවරණයක් ලබාදෙන බවත්, ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මේ කි‍්‍රයාවලියෙන් ආරක්‍ෂක හමුදාව ලෝකයේ සෙසු සමගාමීන්ට පරමාදර්ශයක් ලබා දී ඇති බවත් කියා සිටියේ සීමිත කාලයකදී මේ සුවිශාල ප‍්‍රාණ ඇපකරුවන් පිරිසක් මුදා ගැනීමට කිසිම රටකට නොහැකිව ඇති බව අවධාරණය කරමිනි.
 

කොටි ත‍්‍රස්තයන් රැඳුණු අවසන් ප‍්‍රදේශයෙන් පලා ආ සාමාන්‍ය වැසියන් අතර සිටි තුවාලකරුවකුට අනුරාධපුර රෝහලේදී  විස්කෝතු ලබාදෙන හිමිනමක්.

කොටි ග‍්‍රහණයෙන් මිදි ආ තුවාලලත් කාන්තාවකට වෛද්‍ය කාර්යමණ්ඩලයේ අවධානය යොමුව ඇති අන්දම.

අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබන තුවාලලත් කුඩා දරුවෙක්.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්