ලෝකයටම එපාවුණු කොටි

ලෝකයටම එපාවුණු කොටි
 

තුවාලත් සාමාන්‍ය වැසියකුට පිහිටවන යුද සෙබළුන්

එල්.ටී.ටී.ඊ ය විසින් සාමාන්‍ය වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගැන්ම දැඩිලෙස හෙළදකිමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන එක්සත් රාජධානිය හා ප‍්‍රංසය, ආයුධ බිම තබන්නැයි කොටි ත‍්‍රස්තයන්ගෙන් ඉල්ලා ඇත.

මෙම ඒකාබද්ධ නිවේදන නිකුත් කළ එක්සත් රාජධානියේ හා ප‍්‍රංසයේ විදේශ ඇමැතිවරුන් වන ඩේවිඩ් මිලිබෑන්ඩ් හා බර්නාඩ් කවුච්නර් ශී‍්‍ර ලංකා රජයේ ඒකපාර්ශ්වීය දෙදින සටන් විරාමය ප‍්‍රසාදයට ලක් කළහ.

එහෙත් මේ කාලයේදී අපේක්ෂිත පරිදි සිවිල් ජනතාව නොපැමිණීමෙන් පැහැදිලි වන්නේ ගැටුම්කාරී ප‍්‍රදේශයෙන් සිවිල් ජනතාවට ඉවත්වන්නට ඉඩ නොදී එල්.ටී.ටී.ඊ. ය ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව යැයි ඔවුහු කියා සිටියහ.

2009 අපෙ‍්‍ර්ල් 24 දා සිවිල් වැසියන් මුදාගැන්මේ මෙහෙයුම ප‍්‍රශංසාවට ලක් කළ ජපානය, 100000 ක පමණ අවතැන් වූවන් පිරිසකට මුදාගත් ප‍්‍රදේශවලට ඒමට ඉඩනොදී එල්.ටී.ටී.ඊ ය ඔවුහු මිනිස් පලිහක් ලෙස යොදා ගැන්ම හෙළා දුටුහ.

ඒ සමඟම අවිබිම තබා සිවිල් වැසියනට නිදහස සොයා ඒමට ඉඩදෙන ලෙස ජපානය එල්.ටී.ටී.ඊ. යෙන් ඉල්ලා සිටියේය.

එල්.ටී.ටී.ඊ ය සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොද ගැන්ම, යුරෝපා සංගමය වෙනුවෙන් එහි සභාපතිත්වය දැඩි ලෙස හෙළා දැක්කේය. ඒ සමගම පරිපූර්ණ සාමකාමී දේශපාලන කි‍්‍රයාවලියකට යොමුවන ලෙස යුරෝපා සංගමය ශී‍්‍ර ලංකා රජයෙන්ද ඉල්ලා සිටියේය.

ශී‍්‍ර ලංකාවට තිරසාර සාමයක් ළඟා කැරගත හැකිවන්නේ එමගින් පමණක් බව යුරෝපා සංගමයේ විශ්වාසය යැයි ඔවුන්ගේ නිවේදනයේ සඳහන් විය.10 වැනි පිටුවෙන්

ශී‍්‍ර ලංකාවේ සියලු ප‍්‍රජා කොටස්වලට අදාළ වන කල්පවත්නා දේශපාලන විසඳුමක් සොයා ගැන්මේ ප‍්‍රගතිය පිළිබිඹු කැරෙන වගකිවයුතු හදිසි ක‍්‍රියාපද්ධතියක නියැළීම සඳහා ඒ පිළිබඳ අවධානය යොමුකරන සියල්ලන්ම යුරෝපා සංගමය දිරිගන්වන බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්විණි.

එල්.ටී.ටී.ඊ. යේ මිනිස් පලිහ අටේ කණ්ඩායමේද දැඩි හෙළා දැක්මට ලක්විය. එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, බි‍්‍රතාන්‍ය, ප‍්‍රංසය, ඉතාලිය, රුසියාව හා කැනඩාවෙන් සමන්විත අටේ කණ්ඩායමේ සභාපතිත්වය රෝමයේදී නිකුතවූ නිවේදනයෙන් කියැවුණේ යුද්ධයට මැදිව,” පවත්නා එදිරිවාදුකම් නිසා දැඩි අවදානමට ලක්ව සිටින සිවිල් ජනතාවගේ තත්ත්වය කෙරේ අටේ කණ්ඩායමේ මූලික අවධානය යොමුව ඇති බවය.

ඉන්දියාවේ ප‍්‍රනාබ් මුඛර්ජි ඇමැතිවරයාද වහා අවි බිම තබා සිවිල් වැසියන්ද වහා මුදාහරින ලෙස එල්.ටී.ටී.ඊ. යෙන් ඉල්ලා තිබිණි. ලෝක් සභා මන්තී‍්‍රවරුන් අමතමින් ඔහු කීවේ යුද මෙහෙයුම අවසන් අදියර කරා අවතීර්ණය වී තිබීම මැද එල්.ටී.ටී.ඊ.ය ද්‍රවිඩ ජනතා අපේක්ෂා වෙනුවෙන් කටයුතු කරමින් ඔවුන් මුදා හැරීම හා අවිබිම තැබීම සිදුකළ යුතු බවය.

පීඩනයට පත් සිවිල් ජනතාවට අස්වැසිල්ලක් ලබාදෙන සියලු මානුෂික ප‍්‍රයත්නයන්ට සහාය ලබාදීම සඳහා එල්.ටී.ටී.ඊ. ය අවි බිම තබා සාමාන්‍ය ජනතාව රොක්ව සිිටින ප‍්‍රදේශයෙන් සටන්කරුවන් ඉවත් කළ යුතු බව පවසන එජා මහ ලේකම් බැන්කි මූන්, ළමයින් යුද්ධයට යොදවා ගැන්මද වහා නතර කරන ලෙස එල්.ටී.ටී.ඊ. යෙන් ඉල්ලා ඇත.

යුද මුක්ත කලාපයේ හිරවී සිටින ජනතාවගේ තත්ත්වය ගැන අවධානය යොමුකරන එක්සත් ජනපදය ඔවුන් මුදා හරින ලෙස එල්.ටී.ටී.ඊ.යට කියා තිබේ.

විදේශගත ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන අමෙරිකාවේ පවත්නා සංවිධාන කීපයක් සමඟ සිදුකළ සාකච්ඡාවකදී දකුණු හා මධ්‍ය ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර ලේකම් රිචඩ් බවුචර් හා ශී‍්‍ර ලංකාවේ අමෙරිකා තානාපති රොබට් බ්ලේක් මේබව ප‍්‍රකාශ කැර ඇත.

යුදමුක්ත කලාපයේ සිරවී සිටින සිවිල් වැසියන්ගේ තත්ත්වය ගැන දැඩි අවධානය යොමු කරමින් ඔවුන් මුදාහරින ලෙසද ඔවුහු එල්.ටී.ටී.ඊ. යෙන් ඉල්ලා සිටියහ. මේ සිවිල් වැසියන්ගේ පිහිටට එක්සත් ජනපදය ගෙන ඇති පියවරද ඔවුන් පෙන්වා දී තිබේ.

තවද විදේශගත ද්‍රවිඩ කණ්ඩායම් සමඟ ඉදිරියේදීද සාකච්ඡාවන්හි නිරතවීමට සූදානම් බවද ඔවුහු කීහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්