අපේ නිදහස! රත්තරං නිදහස!!

අපේ නිදහස! රත්තරං නිදහස!!

ඔවුන්ගේ මුහුණුවල ලියැවී ඇත්තේ එයයි. අන්තිමේදී නිදහස ලැබීමේ සතුටයි. සමහරෙකුගේ මුවගෙහි සිනා රැල්ලකි. තවත් සමහරෙකුගේ දෙකොපුල් ඔස්සේ සතුටු කදුළු රූරා ගලයි.

අවසානයේදී නිදහසේ මුදු සුළඟ, නිදහසේ ආශ්වාස කරන්නට හැකිවන බව ඔවුහු දැනසිටියහ.

හමුදා ඉතිහාසයේ විශාලම ගැලවුම් මෙහෙයුමේ යෙදුණු 58 වැනි සේනාංකයේ බල ඇණි පුදුමාතලන් හා අම්පලවාන් පොක්කනෙයි හි කි. මීටර් 3ක් දිග කොටි ත‍්‍රස්තයන්ගේ පස්බැම්ම අත්පත් කැරගෙන, යුද මුක්ත කලාපයට ඇතුළු වී, එල්. ටී. ටී. ඊ. ය විසින් මාසගණනාවක් තිස්සේ දසදහස්ගණනක සාමාන්‍ය ජනතාව බලහත් කාරයෙන් රඳවා ගත් කි‍්‍රයාවලියට අපෙ‍්‍ර්ල් 20දා තිත තැබූහ.

58 වැනි සේනාංකයේ බළ ඇණි කොමාන්ඩෝ බළකායේ හා විශේෂ බළකායේ සහායද ඇතිව පුදුමාතලන් හා අම්පලාවන්පොක්කනෙයි හි යුද මුක්ත කලාපයේ දොරටු විවර කිරීමත් සමඟ මහා මිනිස් ගඟක් ආරක්‍ෂක බළඇණි නතු ප‍්‍රදේශයට ගලා එන්නට විය.

වන්නිය මුදාගැන්මේ වසර දෙකහමාරක ගමනේදි ආරක්‍ෂක හමුදාවන්ගේ එක් සිහිනයක් වූ සාමාන්‍යවැසියන් මුදාගැන්මේ අභිප‍්‍රාය තහවුරු කැරෙමින් නිදහස් සුවය සොයා මේ මහා මිනිස් ගඟ ගලා එන සැටි, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අපෙ‍්‍ර්ල් 20දා උදෑසන ගුවන්හමුදා මූලස්ථානයේදි නැරැඹුවේ යුද මුක්ත කලාප අහසේ සැරිසරන ගුවන් හමුදා නියමු රහිත යානා මගින් ලබාගත් ගුවන් ඡායාරූප වලිනි.

අපේ රණවිරුවන් විසින් යුද ඉතිහාසයේ සිදු කළ මේ ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ විශාලම මෙහෙයුම පිළිබඳ ඡායා මාත‍්‍රයක් ඉදිරි පිටුවලින් ඔබට දැකගත හැකිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්