‘යුද්ධයේ  තිත්ත ඇත්ත’

යුද්ධයේ  තිත්ත ඇත්ත’

වෙනදා මෙන්ම යුද බිමට හිරු පායා තිබූ මුත් හිරු එළියේ චණ්ඩ බව කාටවත් නොදැනුණි. විදෙස් ජනමාධ්‍යවේදීන් මෙන්ම දේශීය ජනමාධ්‍යවේදීන් රාශියක් පුදුමාතලන් ප‍්‍රදේශයට අපේ‍්‍රල් 24 වැනිදා ඇතුළු වූයේ සත්‍ය හෙළි කිරීමටය.

යුද මුක්ත කලාපයේ ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි දෙමළ ජනතාව මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ආරම්භ වී තිබුණි.

අපේ‍්‍රල් 20 වැනිදා සිට යුද මුක්ත කලාපයේ සිට යුද හමුදාව වෙත සපැමිණි ප‍්‍රාණ ඇපකරුවන්ගේ ප‍්‍රමාණය ඉහළ යන්නට විය.

දෙස්, විදෙස් ජනමාධ්‍යවේදීන්ව කිලිනොච්චියේ සිට පුදුමාතලන් තෙක් රැගෙන ගිය අතර යුද බිමේ ඒ මොහොතේ තත්ත්වය වාර්තා කිරීමට සුවිශේෂී අවස්ථාවක් ද ලබා දුනි.

වසර තිහකට ආසන්න කාලයක් මුළුල්ලේ බලවත්ව සිටි කොටි ත‍්‍රස්තවාදීන් මුළුමනින්ම යටත්වීමට ආසන්නව සිටීම මෙමගින් මුළු මහත් ලෝකයටම ලබාදීමට හැකිවිය.

යුද වාර්තාකරණය පිළිබඳ කදිම අත්දැකීමක් ද මේ ගමනින් ජනමාධ්‍යවේදීන්ට ලබාගත හැකිවිය. සැනෙකින් මුළු භූමියම එකම දුම් ගුලියකින් වැසී යයි. ඒ එල්.ටී.ටී.ඊ.ය විසින් එල්ල කරන බර මෝටාර් අවි ප‍්‍රහාරවලින් නැඟෙන දුමයි.

එල්ටීටීඊයේ ප‍්‍රාණ ඇපකරුවන්ව සිට ඔවුන්ගෙන් මිදී ආරක්ෂිත ප‍්‍රදේශ වෙත සපැමිණි දෙමළ ජනතාව එල්ටීටීඊය කෙරෙහි තමන් කෙරෙහිපවතින අප‍්‍රසාදයත්, අකමැත්තත්, කෝපයත් වදන්වලට පෙරලුයේ බොහෝ හැඟීම්බරවය.

විශේෂයෙන්ම ළමා සොල්දාදුවන් ලෙස කුඩා ළමයින් බදවා ගැනීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස මිනිසුන්ව යොදා ගැනීම, බස් බෝම්බ, ගම්මාන පිටින්ම මිනිසුන්ව සමූල ඝාතනය කිරීම ආදී අතිශය කෘරතර කි‍්‍රයා හෙළා දැකීමට එල්ටීටීඊයෙන් මිදී පැමිණි දෙමළ ජනතාව පසුබට වූයේ නැත.

සාමාන්‍ය ජනතාව යුද්ධය පිළිබඳ පැවැසූ තිත්ත ඇත්ත තම දෙසවනින් අසා දැන ගැනීමටත්, සියසින් දැක ගැනීමටත් දෙස් විදෙස් ජනමාධ්‍යවේදීන්ට හැකිවීම වඩා වැදගත් ය.


සබැඳි පුවත්