ආරක්‍ෂක කි‍්‍රයාමාර්ග තවදුරටත් කි‍්‍රයාත්මකයි

ආරක්‍ෂක කි‍්‍රයාමාර්ග තවදුරටත් කි‍්‍රයාත්මකයි

- පොලිස්පති

සැඟවී සිටින ත‍්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්නා තෙක් යුද්ධය පැවැති අවස්ථාවේ ගත් ආරක්‍ෂක කි‍්‍රයාමාර්ග තවදුරටත් කි‍්‍රයාත්මක කරන බව පොලිස්පති ජයන්ත වික‍්‍රමරත්න පැවැසීය.

යුද්ධය නිමා වූවද පලා ගිය ත‍්‍රස්තවාදීන් යම් යම් අපරාධ කි‍්‍රයාවල යෙදීමට ඉඩ ඇති බැවින් මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් මාර්ග බාධක යොදා විශේෂ පරීක්‍ෂා කිරීම් ඇතුළු සියලු ආරක්‍ෂක කටයුතු සිදුකෙරෙන බව ද ඒ මහතා කීවේය.

පොදු මගී සේවාවල ගමන් කිරීමේදී හා පොදු ස්ථානවලදී ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු යැයි පොලිස්පතිවරයා පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා