නව ඇරැඹුමක් ගෙනා සංගක්කාරට අද තවත් අභියෝගයක්

නව ඇරැඹුමක් ගෙනා සංගක්කාරට අද තවත් අභියෝගයක්

වර්නන් ගුණසේකර එංගලන්තයේ සිට වාර්තා කරන 2 වැනි ලෝක කුසලාන විස්සයි - 20 තරගාවලිය

කුමාර් සංගක්කාරගේ නව නායකත්වය යටතේ ලෝක කුසලාන විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ සුපිරි අට වටයට පිවිසි ශ‍්‍රී ලංකා කී‍්‍රඩකයෝ අද (12) තවත් අභියෝගයකට මුහුණ දෙති.

ඓතිහාසික ලෝඩ්ස් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ අද ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන්නේ පසුගිය වසරේ අනුසූරයන් වූ පාකිස්තානය සමඟ ය.

පළමුවටය සඳහා ‘බී’ කොටසින් තරග බිමට පිවිසි පාකිස්තානුවෝ එම කොටසින් දෙවැනි ස්ථානය දිනා සුපිරි වටයට පිවිසිය හ.

‘සුපිරි අට’ වටයේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය ‘එෆ්’ කොටසට අයත් ව සිටින අතර අයර්ලන්තය හා නවසීලන්තය එම කොටසේ සෙසු කණ්ඩායම් වෙති.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ‘සුපිරි අට’ තරගය අයර්ලන්තය සමඟ ලබන ඉරිදා ලෝඩ්ස්හිදීත් එම වටයේ අවසන් තරගය නවසීලන්තය සමග ලබන 16 වැනිදා නොටිංහැම්හි ටෙ‍්‍රන්ට් බි‍්‍රජ් කී‍්‍රඩාංගණයේත් පැවැත්වේ.

ඉන්දියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා දකුණු අප‍්‍රිකාව ‘ඊ’ කොටසට අයත්ව සිටිති.

ඔස්ටේ‍්‍රලියාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය හා ස්කොට්ලන්තය මූලික වටයෙන් ම තරගාවලියෙන් ඉවතට විසි විය.

‘සුපිරි අට’ වටයේ තරග

ජුනි 12 : ශ‍්‍රී ලංකාව - පාකිස්තානය (ලෝඩ්ස්)

ජුනි 12 : ඉන්දියාව - කොදෙව් දූපත් (ලෝඩ්ස්)

ජුනි 13 : කොදෙව් දූපත් - දකුණු අප‍්‍රිකාව (ඕවල්)

ජුනි 13 : නවසීලන්තය - පාකිස්තානය (ඕවල්)

ජුනි 14 : ශ‍්‍රී ලංකාව - අයර්ලන්තය (ලෝඩ්ස්)

ජුනි 14 : ඉන්දියාව - එංගලන්තය (ලෝඩ්ස්)

ජුනි 15 : පාකිස්තානය - අයර්ලන්තය (ඕවල්)

ජුනි 15 : එංගලන්තය - කොදෙව් දූපත් (ඕවල්)

ජුනි 16 : ශ‍්‍රී ලංකාව - නවසීලන්තය (නොටිංහැම්)

ජුනි 16 : දකුණු අප‍්‍රිකාව - ඉන්දියාව (නොටිංහැම්)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා