ඉන්දියාවේ බෝම්බ ප‍්‍රහාරයකින් අතුරු හමුදා භටයෝ 11ක් මියයති 

ඉන්දියාවේ බෝම්බ ප‍්‍රහාරයකින් අතුරු හමුදා භටයෝ 11ක් මියයති 

ඉන්දියාවේ නැඟෙනහිර දිග ජාර්කාන්ඩ් ප‍්‍රාන්තයේ ඉකුත් බදාදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකින් අතුරු හමුදා භටයන් 11 ක් මිය ගිය බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය වාර්තා කරයි. ඉන්දීය ආරක්ෂක හමුදා වෙත මේ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ අන්තවාදී වාමාංශික කැරලිකරුවන් බවට චෝදනා එල්ලවී තිබේ.

කැරලිකරුවන් විශාල වශයෙන් ගැවසෙන ගම්මානයක දෙදින සෝදිසි මෙහෙයුම් කර ආපසු පැමිණෙන අතරවාරයේදී හමුදා භටයන් මේ ප‍්‍රහාරයට ලක්වී තිබේ. එම ස්ථානයේදීම මියගිය භටයන්ට අමතරව මේ බිම් බෝම්බය පිපිරීයාමෙන් තවත් පුද්ගලයන් හය දෙනෙක් තුවාල ලබා ඇත.

මේ සිද්ධිය පිටුපස සිටින සැකකරුවන් සොයාගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන කටයුතු දැනටමත් අරඹා තිබේ. නක්සාල් ත‍්‍රස්තවාදින් ලෙස හඳුන්වනු ලබන මේ අන්තවාදී කැරලිකරුවන් විසින් ඉකුත් අපේ‍්‍රල් – මැයි මාසවලදී පැවැති ඉන්දීය මහ මැතිවරණ කාලය තුළදීත් පොලිසිය සහ අතුරු හමුදා වෙත ප‍්‍රහාර කිහිපයක්ම එල්ල කළහ. එම ප‍්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් විසිදෙනෙක්වත් මියගිය බව වාර්තාවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා