පොතුපිටිය සුසානය ප‍්‍රතිසංස්කරණයට රු. ලක්ෂ 25ක්

පොතුපිටිය සුසානය ප‍්‍රතිසංස්කරණයට රු. ලක්ෂ 25ක්

කළුතර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට අයත් මාර්ග තුනක් අලුත්වැඩියා කිරීම සඳහා පොතුපිටිය පොදු සුසාන භූමියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ පනස් පහක් ලබාදී ඇති බව කළුතර ප‍්‍රාදේශීය සභා සභාපති දේශබන්දු ජී. එම්. පී. පෙරේරා මහතා පවසයි.

කළුතර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ නාගොඩ - වෙනිවැල්කැටිය පාර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක්ද නාගොඩ – රජවත්ත මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක්ද නාගොඩ – ආසිරි මාවත අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 10ක් ලබා දී ඇත.

පොතුපිටිය පොදු සුසාන භූමියේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක්ද ලබා දී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා