අපට බෙහෙවින්ම සමීප වූ ඉන්දීය මාධ්‍යවේදීන් ගේ හමුව

අපට බෙහෙවින්ම සමීප වූ

ඉන්දීය මාධ්‍යවේදීන් ගේ හමුව

සාජහන් අධිරාජයාගේ විස්මිත නිර්මාණය දැකගෙන යළි නවදිල්ලියට එන විට රාතී‍්‍ර 11ට ආසන්නව තිබුණි. හෝටලයේ සිටි සියලු නවාතැන්කාරයෝ රාතී‍්‍ර භෝනය ගෙන සිය කාමරවල තද නිස්දේ පසුවූහ.

ටජ්මහල් බලා එන්නට අපට ගත වූ මුළු පැය ගණන පැය පහළොවකි. වෙහෙසකර බව ඉතා අධිකය. ඇඟේ අමාරුවට ගන්නා ‘ඖෂධ’ ගැන අප සමඟ සිටි කර්තෘවරුන් කතා නැත. ඒ ගැන අහන්නට පරිසරයක් නිර්මාණය වී නොතිබුණි. කෙසේ හෝ අප සියලු දෙනා රාතී‍්‍ර භෝජනයට නිසි තැනට ගොස් වාඩිවීමු.

අපේ ගෙවල්වල දී නම් රෑ බෝවූ වේලාවල දී කරන්නේ කුස්සියට ගොස් පිඟානට බෙදාගන්න මොනවා හෝ ගිල දැමීමය. කොපමණ රෑ වුණත් කැරිජස් හෝටලයේ සේවක පිරිස ‘මේක මහ වදයක් යයි කියන නියායෙන් හැසිරුනේ නැත.

කෑම කන තැනට ඇතුල්වන දොරටුවේ සිටි සුරූපී තරුණිය දෑත් එකතු කර ‘නමස්තේ’ කියා සියලු දෙනාට ම ආචාර කළාය. අනෙකුත් සේවකයෝ ලහි ලහියේ අපට අවශ්‍ය කෑම සුදානම් කළහ. කෙසේ හෝ කෑම ගෙන කාමරවලට යනවිට අලුයම එක පසු වී තිබුණි. ඒ පැය දෙකත් එකතු කළ විට ටජ්මහල් ගමනට ගත වූ කාලය පැය 17ක් ලෙස ගණන් බැලුවාට වරදක් නැත.

ටජ් මහල් නොගොස් මඟ හැර හෝටලයේ නතර වූ අපගේ සහෘදයන් ගැන පසුදින උදේ ලොබියේ දී සොයා බැලුවෙමි. අසනීප යයි කියා නතර වූ චම්පිකා නෝනාට ඉහෙන් බහින රෝගයක් නැත. මණික් ද සිල්වා ඔහුගේ පත‍්‍ර සගයකු හමුවන්නට ගොස් දිවා සහ රාතී‍්‍ර භෝජනය ද ගෙන සාප්පු සවාරියක ද යෙදී තිබුණි. නිස්තාර් කසීම් මොකුත් කීවේ නැත.

පසු දින අපි අපේ ම වෘත්තියේ යෙදෙන ඉන්දියාවේ මාධ්‍ය සගයන් හමුවීමු. ඒ හමුවීම සමීප බවින් ඉහළ විය. ඉතා සුහද නෑ පිරිසක් කලකින් හමුවූවා සේ දැනුණි. මෙහි සටහන්වීමට අපට හමු වූ මාධ්‍ය සගයන්ගේ නම් ලැයිස්තුව මෙසේ දක්වමි.

වී. එස්. චන්ද්‍රසේකර් විධායක කර්තෘ – ද පෙ‍්‍රස්ට‍්‍රස්ට් ඔෆ් ඉන්ඩියා.

ජේ. වෙන්කටාරාමන් චීෆ් ඔෆ් බියුරෝ ඩේලි තස්කි.

සුනීල් සිංහ සම කළමනාකාර කර්තෘ ද ඒෂියන් ඒජ්

සුෂිල් ෂර්මා විශේෂ වාර්තාකරු හින්දුස්තානි

සුරේෂ් බෆ්නා සම කර්තෘ නායිදුනියා මීඩියා ප‍්‍රයිවට්  ලිමිටඩ්

බී. එස්. අරුන් දේශපාලන කර්තෘ ඩෙකෑන් හෙරල්ඩ්

ඩබ්ලිව්. චන්ද්‍රකාන්ත් කර්තෘ (ජාතික කටයුතු සක්රි තෙලිඟු ඩේලි)

උදේ පාන්දර හෝටල් කාමරයේ දොරේ එල්ලා ඇති පත්තර උඩින් පල්ලෙන් කියැ වූ අපට එම පත‍්‍රවලට සම්බන්ධ මාධ්‍යවේදීන් මුණ ගැසීම වාසනාවක් විය. අප ඔවුන් හමුවූයේ ශ‍්‍රී ලංකාව ලබා ගත් අතිවිශිෂ්ඨ ජයග‍්‍රහණ ගැන තොරතුරු රැසක් සමගය. ඒ ගැන ඔවුන් අපෙන් විමසන තුරු අපි නොඉවසිල්ලෙන් සිටියෙමු. එහෙත් ඔවුහු සියලු තොරතුරු දැන සිටියහ. ඔවුන් සිටියේ ශ‍්‍රී ලංකාව ඉදිරියේ දී ගන්නා පියවර ගැන අපෙන් ප‍්‍රශ්න කිරීමටය.

ඔවුන් එකිනෙකා හඳුන්වාදී ඉදිරිපත්කළ ප‍්‍රශ්න ගැන සිතෙනවිට අප ඉදිරියේ සිටින්නේ ජනමාධ්‍යවේදීන්ද නැතහොත් දේශපාලනඥයන් ද යන්න ගැටලුවක් විය. ඒ තරමට ම ඔවුහු ශ‍්‍රී ලංකාවේ දේශපාලන විසඳුම ගැන උනන්දු වූහ. ප‍්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ දැවැන්ත මෙහෙයුම ගැනත් මුදාගත් දෙමළ ජනතාවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව ලබාදෙන අනුග‍්‍රහ ගැනත් අපෙන් විමසුවේ නැතත් ඒවා ගැන තොරතුරු හෙළිකරන්නට ශ‍්‍රී ලංකාවේ කර්තෘවරු සමත් වූහ.

සියලු මාධ්‍යවේදීන්ට දැනගැනීමට අවශ්‍ය වූයේ 13 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කිරීම ගැනය. ඒ ගැන රජ්පාල් සහ චම්පිකා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.

ශ‍්‍රී ලංකා ආණ්ඩුව ලෝකයට ම ආදර්ශයක් වෙමින් ත‍්‍රස්තවාදය මෙල්ල කළ ආකාරය අපි පැහැදිලි කළෙමු. එමෙන් ම ශ‍්‍රී ලංකාව ඉදිරියේ ඇති දේශපාලන විසඳුම කි‍්‍රයාත්මක කිරීමට පෙර මුදාගත් පිරිස සුවපත් කිරීම ප‍්‍රධාන කාර්යය බව අපි පවසා සිටියෙමු. ඒ සඳහා ඉන්දීය ආණ්ඩුවෙන් ලැබුණ ආධාර ගැන ද අපේ කර්තෘවරු සිහිපත් කළහ. එමෙන් ම අනාගතයේ දී ලැබෙන ආධාර ගැන ද ප‍්‍රසාදය පළ විය.

ඉන්දීය මාධ්‍යවේදී සගයන්ගේ හමුවේ සුපුරුදු පරිදි අවසන් කරන්නට (වයින්ඩි අප්) සිදුවූයේ මටය. මා එය ඉටු කරන්නට ආරම්භ කළ විට මට වයින්ඩ් අප් නම පටබැඳි විද්‍යාකරන් සිහිපත් වෙයි.

‘අපට සිටින්නේ රටේ ප‍්‍රශ්න පිළිබඳ හොඳ අවබෝධයක් ඇති නායකයෙක්. අපේ රටේ බිහි වූ නායකයන් ත‍්‍රස්ත විරෝධී සටන අතරමඟ නතර කළ හැටි ඔබ හොඳින් දන්නවා.

කෙසේ හෝ ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් රට මුදාගත් ඔහු ඉතා ළඟදීම කාගේත් සහාය ඇතිව දේශපාලන විසඳුම ඉදිරිපත් කරන බව අපට විශ්වාසයි. ඒ ගැන සියල්ලට ම කලින් ඉන්දියාව දැණුවත් කරාවි. ප‍්‍රශ්න මඟහරින නොව ප‍්‍රශ්න විසඳන නායකයකු ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපති විෂය දැනගෙන කටයුතු කරන නායකයෙක්. ඔබ සැමට ස්තූතියි.

මෙම සාකච්ඡාවෙන් පසු හෝටලයට බස්රියෙන් එද්දී මම මණික්ට කතා කළෙමි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා