ඔබාමාට ගානාවේදී ඉමහත් හරසර

ඔබාමාට ගානාවේදී ඉමහත් හරසර

අපි‍්‍රකාවේ ඓතිහාසික සංචාරයක නිරතව සිටින කළු අමෙරිකන්, ජාතික ජනාධිපති ඔබාමා ගානාවේදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

හුදෙක්ම තමන්ගේම යහපත උදෙසා කටයුතු කරගන්නා අපි‍්‍රකානු “බලසම්පන්න පුද්ගලයන්” ඔබාමාගේ දෝෂ දර්ශනයට ලක්විය.

එමනිසා රට වැසියාගේ යහපත උදෙසා ශක්තිමත් රජයක් පිහිටුවා ගැනීමට පෙළගැසෙන ලෙස ජනාධිපති ඔබාමා ජනතාවගෙන් බලකර ඉල්ලා සිටියේය. ඩාෆුර්හි සමූලඝාතනය සහ සෝමාලියාවේ ත‍්‍රස්තවාදය තුරන් කිරීම කෙරේ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමුවිය යුතු බවද අමෙරිකන් ජනාධිපතිවරයා කීවේය. මේ අතර, අපි‍්‍රකා මහාද්වීපයේ රෝග බිය තුරන් කිරීමට වැඩි වැඩියෙන් අමෙරිකන් ආධාර ලබාදෙන බවටද ප‍්‍රතිඥා දුන්නේය.

ගානා පාර්ලිමේන්තුව අමතමින් ඔබාමා කියා සිටියේ, “අපි‍්‍රකානුවන් විසින්ම අපි‍්‍රකානුවන්ගේ් අනාගතය හැඩගස්වා ගත යුතු” බවයි. තමාටද ඇත්තේ අපි‍්‍රකානු ලේ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඔබාමාගේ පියා කෙන්යානු ජාතිකයෙකි. සංවර්ධනයට යහ පාලනය අත්‍යවශ්‍ය සාධකයක් බව ඔහු අවධාරණය කළේය.

අපි‍්‍රකාවේ ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍යතාන්ති‍්‍රක, තාක්ෂණික සහ ආයතනික සහාය ලබාදීමටද ජනාධිපති ඔබාමා ප‍්‍රතිඥා දී තිබේ.

වසරක් පාසා අපි‍්‍රකානු මහාද්වීපයේ මිලියන සංඛ්‍යාත පිරිසකට මරුකැඳවන ඒඩ්ස් වසංගතය කෙරේද අමෙරිකන් ජනාධිපතිවරයා සිය අවධානය යොමුකළේය.

මේ සඳහා සංකීර්ණ ගෝලීය සෞඛ්‍ය ක‍්‍රමෝපායක අවශ්‍යතාව ඔහු හුවාදැක්විය. අපි‍්‍රකාවේ ඒඩ්ස් මර්දනය සඳහා අමෙරිකාව ඩොලර් බිලියන් ගණනින් ආධාර සපයයි. මැලේරියාව සහ ළමයින් සහ කාන්තාවන්ට වැළඳෙන රෝගවලට ප‍්‍රතිකාර කරන රෝහලක් බැලීමටද ජනාධිපති ගියේය.

අපි‍්‍රකානු ආර්ථිකය නඟාසිටුවීමට බටහිර වෙළෙඳ පොළවල් එරට භාණ්ඩවලට විවෘත කරන ලෙසද ඔබාමා ඉල්ලා සිටියේය.

අපි‍්‍රකානු සංචාරය අතරවාරයේදී ඔබාමාට ඉතාම උණුසුම් ප‍්‍රතිචාරයක් ලැබුණි. ජනාධිපති ඔබාමා මෙන්ම එම ආර්යාවද වහල් පරම්පරාවලින් පැවත එන අයයි’ ගැටුම්වලින් ගහණ අපි‍්‍රකාවේ “කි‍්‍රයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්” පවතින රටක් වශයෙන් ජනාධිපති ඔබාමා ගානාව තම මුල් චාරිකාව සඳහා ;ත¤රාගෙන ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා