තායිලන්ත හිටපු අගමැති තක්සින් අත්අඩංගුවට ගන්න

තායිලන්ත හිටපු අගමැති තක්සින් අත්අඩංගුවට ගන්න
 

තායි රජය ෆිජි රාජ්‍යයෙන් ඉල්ලයි

බලයෙන් නෙරැපුනු තායිලන්තයේ හිටපු අගමැති තක්සින් ෂින්වත‍්‍රා ‘තාවකාලිකව අත්අඩංගුවට ගන්නා ලෙස’, තායිලන්තය, ෆිජි රජයෙන් ඉල්ලා තිබේ. ඔවුන් මෙම ඉල්ලීම කැර ඇත්තේ ‘ෂින්වත‍්‍රා’, දකුණු පැසිපික් දූපත් සමුදායට අයත් ෆිජි දූපත්වල සිටින බව දැනගැන්මෙන් පසුය.

තායි විදේශ අමාත්‍යාංශය හරහා එරට නීතිපති කාර්යාලයේ අන්තර්ජාතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ෆිජි රජයෙන් මෙම ඉල්ලීම කැර ඇත.

දූෂණ චෝදනා මත 2006 හමුදා කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කැරුණු තක්සින්, එතැන් පටන් එරටින් පිටුවහල්ව සිටී. මේ දූෂණ චෝදනාවන්ට මූණදීමට 2008 දී ඔහු යළි සියරට පැමිණිය ද පසුව යළි රටින් පලා ගොස් ඇත. එනිසා ඔහුට එරෙහි නඩු විභාගය අනභිමුඛයේ පැවැත්වෙයි.

ඩුබායිහි රැඳී සිටි තක්සින් දැන් ෆිජි දූපත්වලට පැමිණ එරට රැකවරණය ලබා ගැන්මට ප‍්‍රයත්න දරණ බවට ආරංචි ලැබී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා