මඩකළපුව-ති‍්‍රකුණාමලය-දිගාමඬුල්ල

මඩකළපුව-ති‍්‍රකුණාමලය-දිගාමඬුල්ල

ශ‍්‍රීලනිප නව සංවිධායකවරු ජනපති අතින් පත්වීම් ලබති

මඩකළපුව , ති‍්‍රකුණාමලය සහ දිගාමඩුල්ල දිස්ති‍්‍රක්ක සඳහා පත් කෙරුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී ඉකුත් දා (10) පත්වීම් ලිපි ලබා ගත්හ.

මඩකළපුව දිස්ති‍්‍රක්කය සඳහා තුරෙයිඅප්පා ආනන්දරාජා (මන්මුනායි උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) , කරුණාකරන් මහේන්ද්‍රන් (මන්මුනායිපත්තු අරයම්පති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ) , උදයන් අරුතුරන් (මන්මුනායි දකුණ සහ එරාවුර්පත්තු ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) , පොන්නතුරෙයි රූප නාදන් මහතා (පොරතිව්පත්තු චෙන්කලාඩ් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ), කනපිතිපිල්ලේ සෙල්ලරාජා, (මන්මුනෙයි බටහිර වවුනියාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය), කි‍්‍රෂ්ණපිල්ලේ අද්පුරාසා ( කෝරළේපත්තු උතුර වාකරේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) , සෙල්ලතම්බි බාලචන්ද්‍රන් (කෝරළේ පත්තු වාලච්චේනෙයි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය), ඇම්. ඇන්තනී පෝල් අජන්තීපන් ( මන්මුනෙයි දකුණ බටහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ) , කන්දයියා සුබෙන්තිරන් (කෝරළේපත්තු කිරාන් දකුණ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) වශයෙන් පත්වීම් ලබා සිටිති.

ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කය සඳහා නවරත්නරාජා ජෙගදීශ්වරන් (කුච්චවේලී ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ) , වරනත් තමිල්චෙල්වන් (මත්තුර් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය), කන්දයියා සත්‍යමූර්ති (ඉඩලන්පතුරු සහ වෙරුගල් ආරූ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය) , විනයාකම් ජනරතනන් (තඹලකාමම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ) පත්වීම් ලැබ සිටිති.

දිගාමඬුල්ල දිස්ති‍්‍රක්කය සඳහා සෙල්වරාජා නිශාන්තරාජා (අම්පාර මැතිවරණ කොට්ඨාස ය) , සින්නතම්බි විග්නේශ්වරම් (සමන්තුරේ මැතිවරණ කොට්ඨාසය) , කරුණාරත්නම් මහේන්ද්‍රන් (කල්මුණේ මැතිවරණ කොට්ඨාසය) , පෙරියසුඩි ප‍්‍රියදර්ශන් (පොතුවිල් මැතිවරණ කොට්ඨාසය) පත්වීම් ලබා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා