බියෙන් මිරිකී සිටි යුගය දැන් අවසන්

බියෙන් මිරිකී සිටි යුගය දැන් අවසන්

ජනප්‍රිය නළු චන්න පෙරේරා

ඕනෑම කෙනෙකුට තමන් කරන මොනයම් කටයුත්ත හෝ කරන්නට වඩාත් වැදගත් වන්නේ මානසික නිදහසයි. හැම වෘත්තියකට වගේම කලාවේ නිරත වන අපිට ඒ නිදහස වඩාත් වැදගත් වෙනවා. අපි ජීවිතේට ආදරෙයි.

නමුත් අපි කලින් ජීවත් වුණේ එළියට බැස්සම ආයේමත් නිවසට එන්න පුළුවන්ද කියන චකිතයකින්. එවැනි බියකින් හැමෝම ජීවත් වුණේ. ඒ මානසික ආතතිය නිසා නියම මානසිකත්වයකින් අපට කිසිම වැඩක් කර ගන්න බැරි වුණා.

හිත තුළ ලොකු බියක් හැමෝම සිරකර ගෙන සිටියේ. නමුත් දැන් හැම මනුෂ්‍යයෙකුටම මානසික ප්‍රබෝධයක් ඇතිව හිතූ පැතූ දේ කරන්නට ඉඩක් ලැබී තිබෙනවා. අපි දශක දෙකකටත් වඩා කාලයක් සිටියේ බියෙන් මිරිකි මිරිකී.

ඒ නිසාම මේ ලැබුණු නිදහසේ අගය අපට වෙන කවරදාටත් වඩා වෙන කිසිම දෙයකටත් වඩා දැනේනේ ඒ නිසයි. අද ඒ නිදහස අපි උපරිමයෙන් භුක්ති විඳිනවා.

ඒ නිදහස ලබා දුන් පුද්ගලයන්ට කළගුණ සලකන්න කාලය ඇවිත් තියෙන්නේ. ඒ යුතුකම ඉටුකර ගැනීමේදී අපි හැමෝම අත්වැල් බැඳ ගනිමු.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා