ජවිපෙ පහර දීමකින් සන්ධානයේ 2ක් රෝහලේ

ජවිපෙ පහර දීමකින් සන්ධානයේ 2ක් රෝහලේ

ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවූ හදිසි ආරවුලක් නිසා දෙදෙනෙක් තුවාල ලබා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහරදීම්වලට ලක්වී දෙනියාය රෝහලට ඇතුළු කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනෙකි.

පිටබැද්දර පොලිස් වසමේ කදුරුවාන ප්‍රදේශයේදී 25 දින පස්වරුවේ ඇතිවූ මෙම ගැටුමේදී පහරදුන්නේයැයි කියනු ලබන ජ. වි. පෙ. ආධාරකරුවන් හයදෙනකු හඳුනාගෙන ඇත. එක් සැකකරුවෙක් පිටබැද්දර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු 26 දින මොරවක මහේස්ත්‍රාත්තුමා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනෙක් සැකකරුවන් පස්දෙනා පලාගොස් ඇති අතර ඉන් දෙදෙනකු පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයට ජ. වි. පෙන් තරග වැදුණ අපේක්ෂකයන් දෙදෙනෙක් බවටද තොරතුරු ලැබී ඇත. පිටබැද්දර පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ කරගෙන යයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා