වටිනාම පැරැණිකම

වටිනාම පැරැණිකම

ලංකාවේ පැරැණිතම වාහනය අයිතිකරු වීමත් කොයි තරම් වාසනාවක් ද? හර්සිල් ප්‍රනාන්දු එවැනි වාහනයක හිමිකරුවෙකි. වින්ටේජ් කාර් හිමිකරුවන් ගේ සමාජයේ සාමාජිකයකු වූ ඔහු Q 279 සහ Q 666 යන ලොරි දෙකම මිලදී ගත්තේ රුපියල් විසි පන්දහසකට යි.

1908 වසරේ නිෂ්පාදනය කළ මේ අපූරූ නිර්මාණය 1914 වසරේ දී ලංකාවේ ලියාපදිංචි කර ඇත්තේ කොළඹ පදිංචි ඒ. එච්. එල්. ද මෙල් මහතාගේ නමට ය.

අද මෙහි වටිනාකම මිලියන දහයකි. ඒ වගේම 1934 දී ලංකාවට ගෙනා ෆෆැට් බැලිලා මෝටර් රථයක් දැන් මිලියන පහකට වඩා වටී.

මෙම සෑම වාහනයක පළමු හිමිකරුවන් ඔවුන් නොවුනත් තමන්ගේ පණ වගේ ආදරය කරන පිරිසකට තමයි මේ වාහන අයිති.

විදුලි වේගයටත් වඩා වැඩි වේගයේ වාහන ඇති යුගයක මෙවැන්නක් දැකීම අද පුදුමයකි. හර්සිල් ප්‍රනාන්දු මහතා සතු මේ වාහනයකට එක් වරක් තෙල් දැමූ විට දුවන්නේ සැතපුම් විස්සකි. මේ සෑම ධාවනයකට වරක්ම මඩියකින් තෙල් වත් කළ යුතුයි. විදුලි ජනක දහන එන්ජිමක් ඇති මේ වාහනය පණ ගන්වන්නේ අත් දණ්ඩකින් වීම විශේෂයි.

මේ මෝටර් රථ වගේම අද තරුණ පිරිස යතුරු පැදියටත් හරිම කැමැතියි. පරණ තාලෙට පෙනුමට ඇති යතුරු පැදියක් තිබීමත් තරුණකමට ආභරණයක් වගේයි. එවැනි පරණ යතුරු පැදිවලට පෙම් බඳින තරුණයන් අපට අනන්තවත් අපට හමු වෙනවා. ඒ අතුරින් චානක ජිනසේන විශේෂයි. ජිනසේන සමූහ ව්‍යාපාරයේ අනාගත හිමිකරු වූ ඔහු සතුව පැරැණි යතුරු පැදි ගබඩාවක්ම ඇති බව පැවසුවේ මහත් ආඩම්බරයෙන්.

ධාරිතාවෙන් වැඩි 650CC, 450CC, 500CC, ආදී යතුරු පැදි රැසක්ම ඇති ඔහු සතු පැරැණිතම යතුරු පැදිය 1955 දී නිම කළ එකකි. Honda CB 450 යතුරු පැදියකුත් ඔහු සතුයි. බොරැල්ලේ පදිංචි චානකගේ මේ යතුරු පැදි එකතුව දැක ගන්නට ඔබත් කැමැති නම් ඒ සඳහා ඔහු නිරතුරුවම සූදානම්.

මේ අගනා වටිනා වාහන අදට වඩා හෙට වටිනාකම ඉහළ යන්නේ එහි ඉපැරැණි බව නිසයි. එහි අගය හඳුනාගත් වින්ටේජ් මෝටර් රථ සංගමය ආරම්භ වී ගතව ඇත්තේ ටික කාලයකි. 1987 දී ආරම්භ වූ මෙම සංගමයේ සාමාජික සංඛ්‍යාව 200 කට අධික යි.

තමුන් ගේ රථයේ ඇති වටිනාකම ගැන රටටම හෙළි කරණ ප්‍රදර්ශන මෝටර් රථ රැලි පවත්වන මේ සංගමය අපගේ පැරැණි බව ලොවට පවසන්නේ මහත් අභිමානයෙනි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා