ජනාධිපති හලාවතට යයි

 

වයඹ පළාත් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වීම සඳහා හලාවතට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඒ අතරතුර මාදම්පේ පිහිටි සතොස වෙළෙඳසලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී අළෙවිය පිණිස තබා ඇති භාණ්ඩ ජනාධිපතිවරයාගේ නිරීක්‍ෂණයට ලක්වූ අයුරු. මේ අවස්ථාවට එක්වූ සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක, සමාජ සේවා නියෝජ්‍ය ඇමැති චන්ද්‍රසිරි සූරියආරච්චි හා වයඹ පළාත් ප්‍රධාන ඇමැති නීතිඥ අතුල විජේසිංහ මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් සිල්වා
 




Send money to Sri Lanka - www.timesofmoney.com




සිසාරා යන්නට වෙබ් අඩවි . . . .


රජයේ ඉඩම් බලෙන් ඇල්ලුවොත් පළාත් බලධාරීන් වගකිවයුතුයි

දෙවන රවුම එන්නේ මේ විදියට නෙමෙයි

දරුවන් මත් උවදුරින් මුදා ගන්න

ජනපති හලාවතදී නිලධාරීන්ට දන්වයි

රජයේ ඉඩම් බලයෙන් අත්පත් කැරගෙන පදිංචි වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියෝග කරයි. ආණ්ඩුවේ ඉඩම් ඇත්තේ ඉඩම් නැති ජනතාවට ඉඩම් කච්චේරි පවත්වා බෙදාදීමට බව අවධාරණය කළ ජනාධිපතිවරයා ආණ්ඩුවේ ඉඩම් බලෙන් අල්ලාගත් බවට පැමිණිලි ලද හොත් ඒවාට සම්බන්ධ අය පිළිබඳව තදින් ක්‍රියාකරන බවද පවසයි. වයඹ පළාත් සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. රැස්වීම හලාවත මාදම්පේ සමුපකාර ශාලාවේදී පැවැත්විණි. වයඹ පළාත වෙලාගෙන ඇති කසිප්පු හා මත්ද්‍රව්‍ය උවදුරින් තරුණයන් හා දරුවන් ගලවාගැනීමට පොලීසිය ක්‍රියා කළයුතු බවද මෙහිදී ජනාධිපතිවරයා පැවැසීය.

විස්තර »

දින 30ට දූෂණ මර්දන නඩු 13879ක්

මත්පැන්, මත්ද්‍රව්‍ය හා වෙනත් නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඉකුත් මාසයේදී පමණක් විවිධ පුද්ගලයන්ට එරෙහිව දූෂණ මර්දන නඩු 13, 879 ක් පවරා ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පවසයි. හොර මත්පැන් පෙරීම, විකිණීම, බලපත්‍ර රහිතව අරක්කු විකිණීම, හෙරොයින්, ගංජා, සූදුකරුවන්, ගණිකා නිවාස හා සමාජශාලා වැටලීම් මඟින් මේ නඩු පවරා තිබේ. ඉකුත් මස 01 දා සිට 21 දක්වා දින 20ක පමණ කාලයේදී රටපුරා සිදුකළ වැටලීම් මගින් මේ අත්අඩංගුවට ගැනීම් සිදු කැර තිබෙන අතර ගංජා හේන් වැටලීම ද මීට ඇතුළත් බව ඉලංගකෝන් මහතා පවසයි. මතට ඇබ්බැහි වූවන් කුඩු ඉරීමෙන් බැහැරව රසායනික මත්පෙතිවලට පෙළඹෙමින් සිටින බව හෙළිව ඇත. ගම්පහ ප්‍රදේශයේ පාසල් ළමයි මත්වීම සඳහා විවිධ පෙතිවර්ග පාවිච්චි කරන බවට ද තොරතුරු ලැබී තිබේ.

විස්තර »

පැමිණිලි විභාගයට ගිය

පොලිස් රාලහාමි පොලු පහරින් මරු දකී

පැමිණිල්ලක් විභාග කිරීම සඳහා මාවතගම හිඳගොල්ල ප්‍රදේශයේ නිවෙසකට ගිය කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කොස්තාපල්වරයකු එහිදී එල්ලවූ පොලු පහරකින් මියගොස් තිබේ. මියගොස් ඇත්තේ දෙදරු පියකු වූ තිලකසිරි දසනායක නමැති පොලිස් කොස්තාපල්වරයායි. පෙරේදා රාත්‍රී 7.00 ට පමණ එම පහරදීම සිදුවී ඇතැයි පැවසේ. බහු විවාහ පිළිබඳ පැමිණිල්ලක් කළ පුද්ගලයකු පහරදීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු එම පැමිණිල්ල කර තිබුණේ තම බිරිය බහු විවාහක කාන්තාවක බව සඳහන් කරමිණි. ඇය කලින් විවාහවී ඇති බව නොදන්වා වංචාවෙන් තවත් විවාහ දෙකක් කරගෙන ඇති බව සැකකරු කර තිබූ පැමිණිල්ලේ සඳහන් වෙයි. එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් කොස්තාපල්වරයා පැමිණිලිකරුගේ බිරිය සිටි නිවසට ගොස් ඇත.

විස්තර »

දිරි අය වැය ආර්ථිකයේ යෝධ පිම්මක්

ඇමැති විමල් වීරවංශ

ලබන මාසයේ ඉදිරිපත් කරන 2011 අය වැයෙන් බදු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදු කෙරේ. බැංකු ක්‍රියාවලියේදී පුළුල් වර්ධනයක් සිදු කරනු ඇත. ඒ අනුව මෙවර අය වැය ජනතාව අතට මුදල් ගලා යන හා ආයෝජන අවස්ථා ඉහළ යන කඩඉම් අයවැයක් වනු ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මෙදා අය වැය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරන බවද ඇමැතිවරයා කීය. 2010 වර්ෂයේ මෙම කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය සියයට 8.5 ඉක්මවා ඇති බවද විමල් වීරවංශ මහතා කීය.

විස්තර »

ෆොන්සේකා සුදු කොඩි කතාව නොකීවා නම් මට විරුද්ධව නඩු මගට නොගියේ ඇයි?

සන්ඩේ ලීඩර් කතුවරිය අධිකරණයේදී විමසයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ පළ වූ සුදුකොඩි කතාව සරත් ෆොන්සේකා මහතා කිසිවිටෙක ප්‍රතික්ෂේප නොකළ බවත් නිවැරිදි කිරීමක් පළ කරන්නැයි තමන්ගෙන් නොඉල්ලූ බවත් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් මහත්මිය සුදුකොඩි නඩුවේ සාක්කි දෙමින් ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ කීවාය. ජනරාල් ඔහුගේ ස්ථාවරයේම සිටියා. ඔහුගේ එම ප්‍ර‍්‍රකාශය සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බවත් කිව්වා” යැයිද ජෑන්ස් මහත්මිය කීවාය. කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර මහත්මිය (සභාපති) ඩබ්ලිව්. ටී. ඇම්. පී. බී. වරාවැව සහ ගල්කිස්ස වාණිජ මහාධිකරණ විනිසුරු ඉසෙඩ් රෂීත් මහත්වරුන් හමුවේ මේ නඩුව විභාගයට ගැනේ.

විස්තර »

ශ්‍රී ලංකාව ශීඝ්‍ර සංවර්ධනයක් කරා යන ගමන ලොවටම ආදර්ශයක්

මැලේසියානු අගමැති ආර්යා

ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම තුරන් කර ඒකීය රටක් ලෙස ශීඝ්‍ර සංවර්ධනයක් කරා යන ගමන ලොවටම ආදර්ශයක් බව මැලේසියානු අගමැති ආර්යා රොස්මා මන්සුන් මහත්මිය පැවසුවාය. රොස්මා මන්සුන් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය හමුවූ අවස්ථාවේදීය. ජනාධිපති ආර්යාවන්ගේ සමුළුවට සහභාගීවීමට ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරට ඊයේ (11) ළඟා විය. එහිදී ශිරන්ති රාජපක්ෂ මැතිනිය මැලේසියානු අගමැති ආර්යාව විසින් ඉතාම උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

විස්තර »

 

“අකාර්යක්ෂමතාව පරදා
සමත් රාජ්‍යයකට යන ගමන අරඹමු.”

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
2009 සැප්තැම්බර් 07 කොළඹ දී



වෙළඳ දැන්වීම් . . . .