මරණ දැන්වීම්


 

අනුලා පෙරේරා මහත්මිය - නැසීගිය විශ්‍රාමලත් දුම්රිය ස්ථානාධිපති බී.ඒ.සී. පෙරේරාගේ ආදරණීය භාර්යාව වූද, අතුල (ඕස්ට්‍රේලියාව), මායා (රත්නාවලී බාලිකා විද්‍යාලය, ගම්පහ) යන අයගේ ආදරණීය මෑණියන් වූද, අනෝමි (ඕස්ට්‍රේලියාව), අමල් (සී/ස නන්දා ඉන්වෙස්ට්මන්ට්ස්, කොළඹ) යන අයගේ ආදරණීය නැන්දණිය වූද, ගම්පහ විජය පාරේ පදිංචි අනුලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු ඔක්තෝම්බර් 16 වෙනි සෙනසුරාදා ප.ව. 3.30 ට ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. 65, විජය පාර, ගම්පහ.
 


එල්.එන්.පී. මෛත්‍රීවර්ධන මහත්මිය - කරුණා ලෝකුපෝතාගමගේ (විශ්‍රාමලත් තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන ලේකම්) ආදරණීය භාර්යාව වූද, දේශීය වෛද්‍ය චරිතා (පුදුකුඩු ඉරිප්පු ආයුර්වේද රෝහල) සහ නිරෝෂණ (අවීවා එන්.ඩී.බී. සමාගම) යන අයගේ ආදරණීය මෑණියන් වූද, ව්‍යාපාරික සුසිල් වික්‍රමආරච්චි සහ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ සරෝජා ගුණරත්න යන අයගේ ආදරණීය නැන්දනිය වූද, විශ්‍රාමලත් ගුරු උපදේශිකා ලොකුපෝතාගමගේ නන්දනී ප්‍රේමසීලී මෛත්‍රීවර්ධන මහත්මිය හදිසියේ අභාවප්‍රාප්ත විය. අවසාන කටයුතු 2010.10.16 දින පස්වරු 4.30 ට උඩුගම්පල ආදාහනාගාරයේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙනු ලැබේ. අංක 318, අස්ගිරිය, ගම්පහ.
 


තංගල්ලේ විසූ නැසීගිය කේ.එච්. ඩයිනීසියස් සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ වූද, සෝමචන්ද්‍ර සුනිල් දයාරත්න පද්මා රංජනී යන අයගේ ආදරණීය මෑණියන්වූ, විජිත, අනෝමා, ඥානපාල වික්‍රමරත්නගේ ආදරණීය නැන්දණීය වූද දික්වැල්ලේ විජිත මධ්‍ය මහා විදුහලේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කේ.එච්. කරුණාසීලි මහත්මිය අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ ආදාහනය 15/10/2010 දින බොරැල්ල කනත්තේ දී පස්වරු 4.00 ට සිදු කෙරේ.දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ 1 වන මහලේ පාලර් හි තැන්පත් කර ඇත. මෙයට ශෝකයට පත් දූ දරු, මුණුපුරු, මිණිපිරි පිරිස.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා